ටිම් සවුතිව පසු කරමින් රෂීඩ් ඛාන් ලෝක වාර්තාවක් තබයි

ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ පන්දු යවන්නන් අතර මෙතෙක් ඉතිහාසයේ වැඩිම කඩුලුලාභියා බවට පත් වීමට ඇෆ්ගනිස්තාන දඟපන්දු යවන ක්‍රීඩක රෂීඩ් ඛාන් ඊයේ (02) සමත් වුණා.

රෂීඩ් ඛාන් විසින් තරග 98ක් පමණක් ක්‍රීඩා කරමින් කඩුලු 165ක් දවා ගනිමින් මෙම වාර්තාව පිහිටු වීම විශේෂත්වයක්.

මීට පෙර මෙම වාර්තාවට හිමිකම් කියූ නවසීලන්ත ක්‍රීඩක ටිම් සවුති ජ්‍යාත්‍යන්තර විස්සයි විස්ස පිටියේ කඩුලු 164ක් දවා ගෙන තිබුනේ තරග 126ක් ක්‍රීඩා කරමින්.

ඒ, අනුව ටිම් සවුතිට වඩා තරග 28ක් පිටුපසින් සිටිමින් රෂිඩ් ඛාන් විසින් මෙම වාර්තාව පිහිටුවීම ජ්‍යාත්‍යන්තර ක්‍රිකට් පිටියේ බොහෝ දෙනාගේ අවදානය දිනාගෙන තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
6
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?