ටිබෙට් භූකම්පනයේ සුන්බුන් අතර සිරවූවන් සොයා තවදුරටත් මෙහෙයුම්

චීනයේ ටිබෙට් හෙවත් ෂීසංග් ස්වායත්තයේ ෂිගට්සේ නගරයට ඊයේ (07) දිනයේ බලපෑ ප්‍රබල භූකම්පනයෙන් ආපදාවන්ට ලක් වූ ප්‍රදේශ වෙත චීන මධ්‍යම රජය විසින් සපයන ලද ප්‍රථම සහන සැපයුම් තොගය ළඟා වී තිබෙනවා.

චීනයේ හදිසි කළමනාකරණ අමාත්‍යාංශය, ආහාර හා තැන්පත් කිරීමේ ජාතික පරිපාලනය ඇතුළු ආයතන විසින් සපයනු ලැබූ එම සහන සැපයුම් ඊයේ (07) රාත්‍රීයේ එම ප්‍රදේශ වෙත ළඟා වී ඇති බවයි සඳහන් වන්නේ.

6,000 කට ආසන්න කූඩාරම්, ඇඳ ඇතිරිලි මෙන්ම ඇඳුම් ද ඊට ඇතුළත් අතර, තවත් 16,000ක පමණ සහන තොගයක් අද (08) එම ප්‍රදේශ වෙත ළඟා වීමට නියමිතයි.

ඊයේ (07) පෙරවරු 7.00 පමණ වන විට, ෂිගට්සේ නගරයේ සිදු වූ ප්‍රබල භූමිකම්පාවෙන් 126 දෙනෙකු මිය ගිය අතර තුවාල ලැබූ සංඛ්‍යාව 188ක්.

කෙසේ වෙතත් භූමිකම්පාවෙන් අවහි‍ර වූ මාර්ග සියල්ල මේවන විට යථා තත්ත්වයට පත් කර ඇති බවයි චීන මාධ්‍ය පවසන්නේ.

මේ අතර මෙම භූමිකම්පාවෙන් මිය ගිය අය හා ඔවුන්ගේ ඥාතීන් වෙත සිය ශෝකය පළ කරමින් එක්සත් ජාතීන්ගේ මහලේකම් ඇන්ටෝනියෝ ගුටරෙස් ඊයේ (07) නිවේදනයක් නිකුත් කර තිබෙනවා.

එමෙන්ම රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් සහ සර්බියානු ජනාධිපතිවරයා මෙන් ම යුරෝපා කොමිසම ද මෙම අවාසනාවන්ත සිදුවීම සම්බන්ධයෙන් චීනය වෙත සිය කණගාටුව පළ කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
1
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08