ටිපර් රථයකට යට වී බාලවයස්කරුවෙකුට දිවි අහිමි වෙයි

ටිපර් රථයකට යටවීමෙන් 17 හැවිරිදි වියෙහි පසු වූ පිරිමි ළමයෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අදාළ අනතුර සිදුවන ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන් ව ඇති අතර; මෙම අනතුර සිදු ව ඇත්තේ මීගොඩ – බොරකැටිය මාර්ගයේ දී යි.

ටිපර් රථයක් මොරගහහේන දෙස සිට බෙරැකැටිය මාර්ගයේ මීගොඩ දෙසට ධාවනය වීමේ දී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පිරිමි දරුවා පදවාගෙන පැමිණි යතුරුපැදිය ටිපර් රථයෙහි බඳේ ගැටී මෙම අනතුරු සිදු ව ඇති බවයි පැවසෙන්නේ.

අනතුරෙන් බරපතළ තුවාල ලද පිරිමි දරුවා හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර; ඔහු මීගොඩ – දාම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරින් පසුව ටිපර් රථ රියදුරු පලා ගිය ද; ඔහුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 47 හැවිරිදි වියෙහි පසුවන අයෙක් වන අතර ඔහු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුර සිදුවන ආකාරය ටිපර් රථය පිටිපසින් ආ මෝටර් රථයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන් ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08