ටිපර් රථයකට යට වී බාලවයස්කරුවෙකුට දිවි අහිමි වෙයි

ටිපර් රථයකට යටවීමෙන් 17 හැවිරිදි වියෙහි පසු වූ පිරිමි ළමයෙක් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අදාළ අනතුර සිදුවන ආකාරය ආරක්ෂිත කැමරාවක සටහන් ව ඇති අතර; මෙම අනතුර සිදු ව ඇත්තේ මීගොඩ – බොරකැටිය මාර්ගයේ දී යි.

ටිපර් රථයක් මොරගහහේන දෙස සිට බෙරැකැටිය මාර්ගයේ මීගොඩ දෙසට ධාවනය වීමේ දී ඊට ප්‍රතිවිරුද්ධ දිශාවෙන් පිරිමි දරුවා පදවාගෙන පැමිණි යතුරුපැදිය ටිපර් රථයෙහි බඳේ ගැටී මෙම අනතුරු සිදු ව ඇති බවයි පැවසෙන්නේ.

අනතුරෙන් බරපතළ තුවාල ලද පිරිමි දරුවා හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගොස් ඇති අතර; ඔහු මීගොඩ – දාම්පේ ප්‍රදේශයේ පදිංචිකරුවෙක්.

අනතුරින් පසුව ටිපර් රථ රියදුරු පලා ගිය ද; ඔහුව පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

සැකකරු 47 හැවිරිදි වියෙහි පසුවන අයෙක් වන අතර ඔහු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතයි.

අනතුර සිදුවන ආකාරය ටිපර් රථය පිටිපසින් ආ මෝටර් රථයේ සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන් ව තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
2
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මහින්දගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරියා අධිකරණයට
00:46
Video thumbnail
රත්නපුර දැවැන්ත ගින්නේ නවතම තත්ත්වය මෙන්න..ගන්න දෙයක් නෑ ඔක්කොම අළුවෙලා
02:09
Video thumbnail
කෙහෙළියගේ පවුලේ නඩුව අද කැඳවයි - රමිත් රඹුක්වැල්ල අධිකරණයට
00:48
Video thumbnail
මහින්ද අමරවීරගෙන් CIDයට පැමිණිල්ලක්
02:06
Video thumbnail
බුදු පිළිම සිද්ධිය ගැන ගම්මන්පිලගෙන් ප්‍රබල ප්‍රකාශයක්..මේ ආණ්ඩුව කිසි කෙලෙහිගුණයක් නැති ආණ්ඩුවක්
08:58
Video thumbnail
අපි මැතිවරණයට සූදානම් වෙනවා - ආණ්ඩුවට බාධා කරන්නේ නෑ
05:01
Video thumbnail
ලංවිම නිලධාරිනියකගේ පළිගැනීම් නිසා අසරණ වුණු භික්ෂුන් වහන්සේලා
05:55
Video thumbnail
සජිත් සංවේදීව ජුලී චන්ග්ට සමුදුන් හැටි..ධුර කාලය අවසන් කළ USA තානාපතිනි විපක්ෂ නායක හමුවෙයි
01:55
Video thumbnail
යෝජිත මොඩියුල නැවත ලබාදෙන්න කියා දෙමව්පියෝ ඉසුරුපාය දෙවනත් කරයි..සෙල්ලම් කරන්නේ දරුවෝ එක්ක
14:47
Video thumbnail
වැදූ මව එලොව යැවූ පුතා - අහංගම කම්පා කළ පුවත
03:43


?