ටික් ටොක් තහනමක්

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය විසින් ටික් ටොක් කෙටි වීඩියෝ හුවමාරු යෙදවුම භාවිතය තහනම් කර තිබෙනවා.

එමෙන්ම නාඳුනන ප්‍රතිවාදීන් සමඟ අන්තර්ජාලය ඔස්සේ යෙදෙන පී.යූ.බී.ජී. වීඩියෝ ක්‍රීඩාවද මෙලෙස තහනම් කිරීමටයි තලේබාන්වරුන් පියවර ගෙන ඇත්තේ.

ඊට අමතරව ඔවුන් අසභ්‍ය ලෙස තීරණය කරන දෑ විකාශය කරන රූපවාහිනී නාලිකා තහනම් කරන බවයි තලේබාන් ප්‍රකාශක ඉනමුල්ලා සමන්ගානි ප්‍රකාශ කළේ.

ටික් ටොක් සහ අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩා තුළින් තරුණ පෙළ වැරදි මාවතකට යොමුකරන බව තලේබාන්වරුන්ගේ අදහසයි.

ඇෆ්ගනිස්ථානයේ මිලියන 39 ක් වන ජනගහණයෙන් තුනෙන් දෙකක්ම වයස අවුරුදු විසි පහ හෝ ඊට අඩු අයයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
5
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?