ටික් ටොක් තහනමක්

ඇෆ්ගනිස්ථානයේ තලේබාන් පාලනය විසින් ටික් ටොක් කෙටි වීඩියෝ හුවමාරු යෙදවුම භාවිතය තහනම් කර තිබෙනවා.

එමෙන්ම නාඳුනන ප්‍රතිවාදීන් සමඟ අන්තර්ජාලය ඔස්සේ යෙදෙන පී.යූ.බී.ජී. වීඩියෝ ක්‍රීඩාවද මෙලෙස තහනම් කිරීමටයි තලේබාන්වරුන් පියවර ගෙන ඇත්තේ.

ඊට අමතරව ඔවුන් අසභ්‍ය ලෙස තීරණය කරන දෑ විකාශය කරන රූපවාහිනී නාලිකා තහනම් කරන බවයි තලේබාන් ප්‍රකාශක ඉනමුල්ලා සමන්ගානි ප්‍රකාශ කළේ.

ටික් ටොක් සහ අන්තර්ජාල වීඩියෝ ක්‍රීඩා තුළින් තරුණ පෙළ වැරදි මාවතකට යොමුකරන බව තලේබාන්වරුන්ගේ අදහසයි.

ඇෆ්ගනිස්ථානයේ මිලියන 39 ක් වන ජනගහණයෙන් තුනෙන් දෙකක්ම වයස අවුරුදු විසි පහ හෝ ඊට අඩු අයයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
මෝටර් රථයක් මෝහිණී ඇල්ලට පෙරලී සිදුවූ බිහිසුණු අනතුර
00:52
Video thumbnail
ශෂී වීරවංශ ඇප අරගෙන අධිකරණයෙන් ගිය හැටි
00:43
Video thumbnail
ශෂී වීරවංශ ඇප අරගෙන අධිකරණයෙන් ගිය හැටි - මූණත් වහගෙන යන විදිය
01:00
Video thumbnail
ආණ්ඩුවට ඇපත් නැතිවෙන ප්‍රතිඵලයක් ලැබෙන්නේ - මාලිමාවට ඡන්දය දුන්න ගොඩක් අය පොහොට්ටුව පැත්තට එනවා
04:36
Video thumbnail
අපරාධකාරයෝ සාටකේ දාගෙන සුදනෝ වගේ කතාකරනවා
08:48
Video thumbnail
22වන සංශෝධනයට පොහොට්ටුව සම්පූර්ණයෙන් විරුද්ධයි - රටේ වෙන ප්‍රශ්න නැද්ද ?
06:43
Video thumbnail
මේ කහින්නේ නැතිව ඉන්නවා හලෝ..පයිත්තියන් ඩොක්ටර්...
00:21
Video thumbnail
නාමල්ගේ මේ පයිත්තියන් ඩොක්ටර්ට කියන්න සද්දේ නැතිව ඉන්න කියලා
01:15
Video thumbnail
අර්චුනා නැගිටලා මහින්දට දැම්ම සැර සත්තම - "කොණ්ද පණ තියෙනවනම් නවත්තලා කියන්න"
00:28
Video thumbnail
පයිත්තියම් ඩොක්ටර් - හෝව් හෝව් නාමල් දුවන්න එපා
00:48