ටික් ටොක් සමාජ ජාලා වීඩියෝ රඟදක්වන 17 හැවිරිදි දරුවෙකු පිහියෙන් ඇන ඝාතනය කළේ යැයි කියන සිද්ධියට අදාළව ග්‍රෑන්ඩ්පාස් පොලිසිය විසින් බාලවයස්කාර දරුවන් 06 දෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට අද දිනයේදී ඉදිරිපත් කර තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාර බාල වයස්කාර දරුවන් 06 දෙනා ලබන 07 වැනිදා දක්වා බන්ධනාගාර ආරක්ෂාව යටතේ මාකොල ළමා නිවාසයේ රඳවා තබන ලෙසට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් කාංචනා නෙරංජනී සිල්වා මහත්මිය නියෝග කර සිටියේ.
මෙම සැකකාර දරුවන් වයස අවුරුදු 12 සිට 16 දක්වා අතර වයස් කාණ්ඩවල පසුවන අයවලුන් බව ග්‍රෑන්පාස් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර සිටියා.
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
+1
+1
+1
+1
+1
+1