AFC Banner
AFC Banner
Empty Ad

ට්විටර් සමාගමෙන් ත්‍රෙඩ්ස් යෙදුමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග

ලොව ප්‍රමුඛතම සමාජ ජාල මාධ්‍යයක් වන ට්විටර් සමාජ මාධ්‍යයට අභියෝගයක් එල්ල කරමින් ඒ හා සමාන නව යෙදුමක් ලොවට හඳුන්වාදීමට ෆේස්බුක් හිමිකාරිත්වය දරණ මෙටා සමාගම ඊයේ කටයුතු කළා.

ත්‍රෙඩ්ස් නමින් ලොවට හඳුන්වා දුන් මෙම නව සමාජ මාධ්‍ය යෙදුම වටා මේ වනවිට විශාල පරිශීලකයින් පිරිසක් එක්රොක් වෙමින් පවතින බවයි විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ.

ඒ, අනුව මේ වනවිට මිලියන 30 කට වැඩි පිරිසක් මෙම නව යෙදුම සඳහා ලියාපදිංචි වී ඇති බවයි විදෙස් වාර්තා වැඩිදුරටත් සඳහන් කළේ.

මේ අතර ත්‍රෙඩ්ස් යෙදුම හඳුන්වා දුන් මෙටා සමාගමට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බව ට්විටර් සමාගම පවසා තිබෙනවා.

ට්විටර් සමාගම මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා සිටින්නේ හිටපු ට්විටර් සේවකයින් දුසිම් ගණනක් මෙටා සමාගම විසින් කුලියට ගෙන ත්‍රෙඩ්ස් යෙදුම සංවර්ධනය කිරීමට ඔවුන්ගෙන් උදව් උපකාර ගත් බවයි.

එහිදී ට්විටර් හි වෙළඳ රහස් සහ අනෙකුත් අතිශය රහසිගත තොරතුරු මෙටා සමාගම අතට පත්වූ බවත් ට්විටර් සමාගම චෝදනා කරන්නේ.

“තරඟය හොඳයි, වංචා කිරීම නොවේ” ට්විටර් හිමිකරු එලොන් මස්ක් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා තිබෙනවා.

මේ අතර මෙටා සමාගමේ ප්‍රකාශක ඇන්ඩි ස්ටෝන් පවසා ඇත්තේ ත්‍රෙඩ්ස් ඉංජිනේරු කණ්ඩායමේ කිසිවෙකු හිටපු ට්විටර් සේවකයෙකු නොවන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
13
+1
1
+1
0
+1
3
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලක්ෂ 12ට විට්ස් කාර් එකක් ගන්න පුළුවන් කියලා මම කිව්වේ නෑ - ඇමති නලීන් කියයි
02:10
Video thumbnail
මන්ත්‍රීවරියක් නිසා මැතිසබේ කචල් - හර්ෂට සීන් එකට නහුතෙටම තදවෙයි
11:52
Video thumbnail
ලක්ෂ 20 දී ත්‍රීවීල් එකක් ගත්තොත් මේ පාර මාලිමාවට කියලා ස්ටිකර‍යක් නොමිලේ...
04:21
Video thumbnail
සජබ මන්ත්‍රීට පාතාල ත#ජන #dasathamidnewstoday #dasathanews #live
01:04
Video thumbnail
යළි පාතාල බිය නංවමින් සජබ මන්ත්‍රී ජගත්ට ආපු පාතාල ත#ජන
14:03
Video thumbnail
නවක මාලිමා මන්ත්‍රීගේ සුපිරි කතාව මෙන්න
11:48
Video thumbnail
අය වැයෙන් සංචාරක ව්‍යාපාරයට කොළ එළියක්
01:33
Video thumbnail
සාටකේට වැඩකරපු පාතාලේ කජ්ජාගේ පැටිකිරිය මෙන්න...
10:29
Video thumbnail
පොලිස් අත්අඩංගුවේදී කොහොමද සිරකරුවන් මෙහෙම ඝා#නය වෙන්නේ ?
14:37
Video thumbnail
අදත් පාර්ලිමේන්තුවේ ලොකු වලියක් - සජිත්ට ආණ්ඩුව වටකරගෙන නෙළයි
18:56

?