ට්‍රෝලර්වලින් ඇවිත් ඉන්දීය ධීවරයින් යාපනයේ ධීවරයින්ගේ දැල් විනාශ කරලා (ඡායාරූප)

ඉන්දීය ධීවරයින් විසින් රහසිගතව යාපනය, වඩමාරච්චි නැගෙනහිර වෙත්තිලකේණි මුහුදු තීරයට ඇතුලු වී රුපියල් ලක්ෂ 30කට අධික වටිනා දැල් ආම්පන් විනාශ කොට පලා ගොස් ඇතැයි යාපනය ධීවරයින් පවසනවා.

වෙත්තිලකේනි මුහුදු සීමාවෙන් මසුන් ඇල්ලීමට ගිය ධීවර බොට්ටු 4කට අයත් ධීවරයින්ගේ දැල් ආම්පන්න සියල්ලක්ම ඊයේ (21) දින සහ අද (22) අලුයම් කාලයේ දී ඉන්දීය ධීවරයින් විසින් කපා විනාශ කොට පලාගොස් ඇති බවයි ධීවරයින් පෙන්වා දෙන්නේ.

යාපනය ධීවරයින්ගේ ධීවර යාත්‍රාවලට වඩා ප්‍රමාණයෙන් විශාල වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 20ක් පමණ එකවර පැමිණ ඒහි සිටි ඉන්දීය ධීවරයින් 100ක් පමණ දෙනා එක්ව යාපනයේ ධීවරයින් බිය ගන්වා මෙලෙස දැල් ආම්පන් ඉරා සහ කපමින් විනාශ කොට පලාගිය බවට ද මෙම ධීවරයින් සඳහන් කර සිටී.

දැල් ආම්පන්න සියල්ලක්ම විනාශ වීම හේතුවෙන් අදාල ධීවරයින් සිය ධීවර කටයුතු සිදුකර ගැනීමට නොහැකිව දැඩි සේ අසරණව සිටින බවට ද යාපනයේ ධීවර සංගම් පෙන්වා දෙනවා.

උතුරේ ධීවරයින්ට මෙලෙස සිදුව ඇති හානිය පිළිබඳව රජයේ කඩිනම් අවධානය යොමු විය යුතු බවටත් බලපෑමට ලක්වූ ධීවරයින් හට වන්දි මුදලක් හෝ දැල් ආම්පන්න ආධාරයන් හෝ ලබාදීමට ධීවර අමාත්‍යංශය පියවර ගත් යුතු බවට ද උතුරේ ධීවර සංගම් වැඩිදුරටත් සඳහන් කර සිටියී.

17085843730
17085843732
17085843733
1708584373 IMG 20240222 WA0048 1
1708584373 IMG 20240222 WA0048
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46
Video thumbnail
ජොන්ස්ටන් ප්‍රනාන්දුගේ පුතුන් දෙදෙනා ඇප ලබා පිටව ගිය හැටි..සෙට් එකක්ම ඇවිත් දෙන්නව බලන්න
01:14
Video thumbnail
වැඩ කරන වෛද්‍යවරුන්ටත් තර්ජන කරලා..GMOA අයගේ පැටිකිරිය හෙළිකළ වෛද්‍යවරයා ?..
07:06
Video thumbnail
පොළොන්නරුවේ රාජ්‍ය නායකයාට ජනතාව හොඳ පදෙන් අමතයි
00:58