spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ට්‍රෝලර්වලින් ඇවිත් ඉන්දීය ධීවරයින් යාපනයේ ධීවරයින්ගේ දැල් විනාශ කරලා (ඡායාරූප)

ඉන්දීය ධීවරයින් විසින් රහසිගතව යාපනය, වඩමාරච්චි නැගෙනහිර වෙත්තිලකේණි මුහුදු තීරයට ඇතුලු වී රුපියල් ලක්ෂ 30කට අධික වටිනා දැල් ආම්පන් විනාශ කොට පලා ගොස් ඇතැයි යාපනය ධීවරයින් පවසනවා.

වෙත්තිලකේනි මුහුදු සීමාවෙන් මසුන් ඇල්ලීමට ගිය ධීවර බොට්ටු 4කට අයත් ධීවරයින්ගේ දැල් ආම්පන්න සියල්ලක්ම ඊයේ (21) දින සහ අද (22) අලුයම් කාලයේ දී ඉන්දීය ධීවරයින් විසින් කපා විනාශ කොට පලාගොස් ඇති බවයි ධීවරයින් පෙන්වා දෙන්නේ.

යාපනය ධීවරයින්ගේ ධීවර යාත්‍රාවලට වඩා ප්‍රමාණයෙන් විශාල වූ ඉන්දීය ට්‍රෝලර් යාත්‍රා 20ක් පමණ එකවර පැමිණ ඒහි සිටි ඉන්දීය ධීවරයින් 100ක් පමණ දෙනා එක්ව යාපනයේ ධීවරයින් බිය ගන්වා මෙලෙස දැල් ආම්පන් ඉරා සහ කපමින් විනාශ කොට පලාගිය බවට ද මෙම ධීවරයින් සඳහන් කර සිටී.

දැල් ආම්පන්න සියල්ලක්ම විනාශ වීම හේතුවෙන් අදාල ධීවරයින් සිය ධීවර කටයුතු සිදුකර ගැනීමට නොහැකිව දැඩි සේ අසරණව සිටින බවට ද යාපනයේ ධීවර සංගම් පෙන්වා දෙනවා.

උතුරේ ධීවරයින්ට මෙලෙස සිදුව ඇති හානිය පිළිබඳව රජයේ කඩිනම් අවධානය යොමු විය යුතු බවටත් බලපෑමට ලක්වූ ධීවරයින් හට වන්දි මුදලක් හෝ දැල් ආම්පන්න ආධාරයන් හෝ ලබාදීමට ධීවර අමාත්‍යංශය පියවර ගත් යුතු බවට ද උතුරේ ධීවර සංගම් වැඩිදුරටත් සඳහන් කර සිටියී.

17085843730
17085843732
17085843733
1708584373 IMG 20240222 WA0048 1
1708584373 IMG 20240222 WA0048
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?