ට්‍රැෆික් පොලිස් දෙදෙනෙක්ට බරපතළ තුවාල සිදුකළ ටේන්ට් රෙද්ද

අලෙවිය සඳහා මාර්ගය අයිනේ තබා තිබූ වාහන ආවරණයක් (ටෙන්ට් රෙද්දක්) එක් වරම සුළඟට ගසාගෙන විත් මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක දැවටීමෙන් එහි ගමන් කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මාරවිල පොලීසියේ රථ වාහන අංශයට අනියුක්තව සේවය කරන අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (27) පස්වරුවේ හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල, ලංසිගම ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම නිලධාරීන් දෙදෙනා මාරවිල පොලිස් බල ප්‍රදේශයේ රථ වාහන රාජකාරියේ නිරතව සිට ඇති අතර, ඔවුන් දෙදෙනා යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී එක් වරම සුළඟේ ගසා ගෙන ආ වාහන ආවරණය ඔවුන්ගේ සිරුරේ දැවටී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, සමඟ ධාවනය වෙමින් තිබූ යතුරුපැදිය පෙරළී ගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.

ප්‍රතිකාර සඳහා රෝහල් ගතකළ පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

මාරවිල පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
9
+1
3
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පිස්සෙක් රජ වුණත් එකයි රජෙක් පිස්සෙක් වුණත් එකයි - කුට්ටි ආණ්ඩුවට අමතයි
Video thumbnail
මේ උඹව මකවලා යවන්නේ දැනගනින් - ගෝල්ෆේස් එකේ රඟන ෆේක් චණ්ඩි
02:39
Video thumbnail
සහෝදරයන්ගේ හදවතට කරපු කතාව - අත්පුඩියක් ගහන්න සහෝදරයා හයියෙන්
18:59
Video thumbnail
හිරුණිකා උදේ පාන්දර ආණ්ඩුවට විහිළු කරයි
33:26
Video thumbnail
බටලන්දේ අහන්න ඕන අඳුරු මතක - අපි මාර විදිහට දුක් වින්දා මහත්තයෝ
32:04
Video thumbnail
පාර්ලිමේන්තු සජිවී විකාශය - 2025.04.09
09:30:44
Video thumbnail
අනුරපුරම කම්පා කළ අනියම් පෙම - ජීවිතය නැති කරලා පාංශුකූලයත් දීලා
04:01
Video thumbnail
මාලිමාවේ මන්ත්‍රී හැමෝම හඬවා අවසන් ගමන් ගිය හැටි
18:17
Video thumbnail
ඇයි වයසක අපිව මෙහෙම රැවට්ටුවේ - වැඩි කරනවා කියපු අපේ විශ්‍රාම වැටුප කෝ
08:23
Video thumbnail
ගාන්ධිතුමාගේ සරලකම ගැන ඔබ නොදත් කතාව
03:27

?