ට්‍රැෆික් පොලිස් දෙදෙනෙක්ට බරපතළ තුවාල සිදුකළ ටේන්ට් රෙද්ද

අලෙවිය සඳහා මාර්ගය අයිනේ තබා තිබූ වාහන ආවරණයක් (ටෙන්ට් රෙද්දක්) එක් වරම සුළඟට ගසාගෙන විත් මාර්ගයේ ගමන් කරමින් තිබූ යතුරුපැදියක දැවටීමෙන් එහි ගමන් කළ පොලිස් නිලධාරීන් දෙදෙනෙකු තුවාල ලබා රෝහල් ගතකර තිබෙනවා.

මාරවිල පොලීසියේ රථ වාහන අංශයට අනියුක්තව සේවය කරන අදාළ පොලිස් නිලධාරීන් දෙදෙනා මාරවිල මූලික රෝහලට ඇතුළත් කර ඇති බවයි වාර්තා වන්නේ.

ඊයේ (27) පස්වරුවේ හලාවත – කොළඹ ප්‍රධාන මාර්ගයේ මාරවිල, ලංසිගම ප්‍රදේශයේ දී මෙම අනතුර සිදුව ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

මෙම නිලධාරීන් දෙදෙනා මාරවිල පොලිස් බල ප්‍රදේශයේ රථ වාහන රාජකාරියේ නිරතව සිට ඇති අතර, ඔවුන් දෙදෙනා යතුරුපැදියකින් ගමන් කරමින් සිටිය දී එක් වරම සුළඟේ ගසා ගෙන ආ වාහන ආවරණය ඔවුන්ගේ සිරුරේ දැවටී ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඒ, සමඟ ධාවනය වෙමින් තිබූ යතුරුපැදිය පෙරළී ගොස් මෙම අනතුර සිදුව තිබෙනවා.

ප්‍රතිකාර සඳහා රෝහල් ගතකළ පොලිස් නිලධාරීන් දෙදෙනාගෙන් එක් අයෙකුගේ තත්ත්වය බරපතල බවයි රෝහල් ආරංචි මාර්ග සදහන් කළේ.

මාරවිල පොලීසිය මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශණ කටයුතු සිදුකරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
9
+1
3
+1
1
+1
1
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10
Video thumbnail
අර්ජුන කාලෙකින් ඇවිත් ක්‍රිකට් ගැන කිව්ව දේ..පුහුණුකරුවෝ තෝරන්නේ අම්මා අප්පාගේ බූදලේ වගේ
05:40
Video thumbnail
පිල්ලෙයාන් දැඩි ආරක්ෂාව මැද රක්ෂිත බන්ධනාගාරයට රැගෙන යයි..කොහොමද වටේටම දීලා තියෙන ආරක්ෂාව
01:43
Video thumbnail
පිල්ලෙයාන් වෙනුවෙන් ඉදිරියට ආ ගම්මන්පිල.."පාස්කුවේ බොරුව අද හෙළිවුණා"රහස් පොලිසියේ ඉන්නේ කතා රචකයෝ
03:21
Video thumbnail
Artemis II සඳ මත ගොඩ බැසීමක් නෙවෙයි සඳ වටා ගමන් කිරීමක් වෙන්නේ
01:27
Video thumbnail
රෝහල් සේවකයෙක් ඇඳුම් මාරු කරන කාමරයකට පැන රෝහල් සේවිකාවකට කරපු කැත වැඩේ
06:01
Video thumbnail
නවක වෛද්‍යවරුන් GMOA එකට රැවටෙන්න එපා..මේ කරන්නේ දේශපාලනික කණ්ඩායම්වල වුවමනාවන්
10:46