ට්‍රම්ප් ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථාන වෙත බෝම්බ හෙ#ලීමේ සූදානමක?

ඊශ්‍රායල – ඉරාන යුද්ධයේ අතරමැදිකරුවෙකු ලෙස බොහෝ යුද විශ්ලේෂකයින් අර්ථ කථනය කරන අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඉදිරියේ දී ඉරානයට ලබාදෙන දඬුවම සම්බන්ධයෙන් තමන් ලබාදෙන අවසාන නියෝගය නිකුත් කිරීමේ ප්‍රමාදයක් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එනම් ඊයේ (18) පස්වරුවේ ඉරානයේ උත්තරීතර නායකයා වන අල්තුල්ලා කමේනි කළ ප්‍රකාශයෙන් අනතුරුව අමෙරිකා ඊශ්‍රායලය සමග ඉරානයේ න්‍යෂ්ටික මධ්‍යස්ථානවලට බෝම්බ හෙලීමේ සැලසුමක් පවතිනු ඇති බවත් ඒ ගැන ට්‍රම්ප් තවදුරටත් නිල ප්‍රකාශයක් හෝ සිදු කර නොමැති බව ද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මැදපෙරදිග යුද්ධයේ සත්වැනි දිනය අද වන අතර ටෙහෙරානය න්‍යෂ්ටික වැඩසටහන අත් හරිනු ඇත්දැයි තවමත් අමෙරිකාව අවධානයෙන් සිටින බවයි වාර්තා වන්නේ.

වෝල් ස්ට්‍රීට් ජර්නල් උපුටා දක්වමින් NDTV මාධ්‍ය වාර්තා කරන්නේ ධවල මන්දිරයේ තීන්දු තීරණ පිටතට දීමෙන් මේ දිනවල ඊශ්‍රායලය සම්බන්ධ කිසිවක් ප්‍රකාශ නොකිරීමට ද ට්‍රම්ප් වගබලාගෙන ඇති බවයි.

ඉරානයට ප්‍රහාර එල්ල කරනවා ද හෝ ඊශ්‍රායලය ගැන විමසූ විට ට්‍රම්ප් මෙලෙස පවසා තිබෙනවා.

“මට එය කළ හැකිය. මට එය නොකර සිටිය හැකිය. මම අදහස් කළේ, මම කුමක් කරනවාද යන්න කිසිවෙකු දන්නේ නැහැ” යනුවෙන්.

ට්‍රම්ප් පසුව කළ ප්‍රකාශවලදී ඉරාන නිලධාරීන් රැස්වීමක් සඳහා වොෂින්ටනයට පැමිණීමට අවශ්‍ය බවත් “අපට එය කළ හැකිය” බවත් පැවසුවා.

නමුත් ට්‍රම්ප් එම ප්‍රකාශය වැඩිදුරටත් විස්තර කරමින් ඉරානය මේ වනවිට සාකච්ඡාවලට ප්‍රමාද බව ද කියා සිටියා.

ජර්මනිය, ප්‍රංශය සහ බ්‍රිතාන්‍ය විදේශ අමාත්‍යවරු හෙට (20) ජිනීවාහි දී ඔවුන්ගේ ඉරාන සහචරයා සමඟ න්‍යෂ්ටික සාකච්ඡා පැවැත්වීමට සැලසුම් කර ඇත්තේ ඉරානය තම න්‍යෂ්ටික වැඩසටහන සිවිල් අරමුණු සඳහා පමණක් භාවිතා කරන බවට ස්ථිර ලෙස සහතික වීමට ඒත්තු ගැන්වීමේ අරමුණින් බව ජර්මානු රාජ්‍ය තාන්ත්‍රික මූලාශ්‍රයක් රොයිටර් පුවත් සේවයට පැවසූ බව ද NDTV මාධ්‍ය වාර්තා කරනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
2
+1
3
+1
1
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විපක්ෂයට වෙන කියන්න දෙයක් නැති නිසා ගල් අඟුරු ගැන කියවන්නේ
05:03
Video thumbnail
විදුලි බිල 50%වත් වැඩි කරන්න ඕනිලු..ජනාධිපතිතුමා වැඩ බැරි ඇමතිලා ගෙදර යවන්න
01:47
Video thumbnail
පෙරටුගාමීන් පාරට බැහැලා නගරයම දෙකක් කරයි..අපේ රට යුද පිටියක් වෙන එක නවත්තන්න බැහැ
07:45
Video thumbnail
මිහින්තලේ ප්‍රදේශයට දැඩි වර්ෂාපතනයක් ඇද හැලුනු හැටි මෙන්න
01:16
Video thumbnail
හෝටලයක රැදී සිටි විදේශීය ජාතිකයින් 150ක් අත්අඩංගුවට..කොහොමද දීලා තියෙන ගේම
01:38
Video thumbnail
යතුරුපැදියක් බස් රථයක සහ ත්‍රීරෝද රථයක ගැටී සිදුවූ බිහුසුණු අනතුර..CCTV කැමරාවේ සටහන් වූ හැටි
01:22
Video thumbnail
නුවරඑළියට මහ වැසි පතිත වුණ හැටි
00:26
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ රන් පළදනාවක් ඉස්සූ කාන්තාව
00:46
Video thumbnail
මිහින්තලේ වනචාරියා කළ කැත වැඩ ඔක්කොම එළියට..මෙයා පාතාල ලෝක සාමාජිකයෙක්ද ?
02:18
Video thumbnail
රන් ආභරණ වෙළෙඳසැලකට පැමිණ වටිනා පළදනාවක් ඉස්සූ කාන්තාව..හිනාවකුත් දාගෙන දුන්න ෂොට් එක
01:10