ට්‍රම්ප් පරිපාලනයේ තීරු බදු ප්‍රතිපත්තියත් සමඟ ආසියාවේ ප්‍රධාන කොටස් වෙළෙඳපොළවල් සියල්ලම කඩා වැටීමකට ලක්ව තිබෙනවා.
ඒ, අනුව ජපානයේ නිකේයි කොටස් වෙළෙඳපොළ 6.5%කින්, හොංකොං හි හැං සෙන්ග් කොටස් වෙළෙඳපොළ 10.6%කින් සහ මධ්‍යම චීනයේ ෂැංහයි කොටස් වෙළෙඳපොළ 6.4% කඩා වැටි ඇති බවයි වාර්තා වන්නේ.
ඊට අමතරව දකුණු කොරියාවේ කොස්පි කොටස් වෙළෙඳපොළ 5.2% කින්, තායිවානයේ තායිඑක්ස් කොටස් වෙළෙඳපොළ 9.7% කින් ද, සිංගප්පූරුවේ STI කොටස් වෙළෙඳපොළ 7.5%කින් කඩා වැටී තිබෙනවා.
මීට අමතරව ඉන්දියාවේ සෙන්සෙක්ස් කොටස් වෙළෙඳපොළ 3.7%කින් පහළ ගොස් ඇති අතර, නිෆ්ටි 50 කොටස් වෙළෙඳපොළ 4.0%කින් කඩා වැටී ඇති බවයි වාර්තා වුණේ.
මේ අතර ඇමරිකානු ජනාධිපති ට්‍රම්ප්ගේ තීරුබදු සම්බන්ධව සාකච්ඡා කිරීමට රටවල් 50ක් පමණ මේ වනවිට සිය කැමැත්ත පළකර ඇති බව වාර්තා වනවා.