ට්‍රම්ප්ගේ තීරුබදු පැනවීමට එරෙහිව අමෙරිකානු අධිකරණයකින් වාරණ

අමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ගෝලීය ආනයනය ඉලක්ක කරගෙන පනවන ලද තීරුබදු ක්‍රියාත්මක කිරීම එරට ෆෙඩරල් අධිකරණයක් විසින් වාරණයට ලක් කර තිබෙනවා.

විදෙස් මාධ්‍ය වාර්තා කළේ ට්‍රම්ප් අමෙරිකානුවන් ඇතුළු ගෝලීය ප්‍රජාව ඉලක්ක කරගනිමින් තීරුබදු පැනවීමේ ජනාධිපතිවරයා සතු බලාධිකාරිය ඉක්මවා කටයුතු කර ඇති බවට අධිකරණය තීරණය කර ඇති බවයි.

මෙම අධිකරණ තීන්දුවට එරෙහිව බදාදා දිනයේ දී ට්‍රම්ප් පරිපාලනය වහාම අභියාචනයක් ද ඉදිරිපත් කෙරුණා.

මෑන්හැටන්හි එක්සත් ජනපද ජාත්‍යන්තර වෙළඳ අධිකරණයේ විනිසුරුවරුන් තිදෙනෙකුගෙන් යුත් මණ්ඩලයක්, අප්‍රේල් 2 වන දින ට්‍රම්ප් ප්‍රකාශයට පත් කළ “විමුක්ති දිනය” තීරුබදු ඇතුළු හදිසි ආර්ථික බලතල උපුටා දක්වමින් ට්‍රම්ප් පැනවූ ගෝලීය තීරුබදු නැවැත්වූවා.

මූලාශ්‍රය – https://edition.cnn.com/2025/05/28/business/us-court-blocks-trumps-tariffs

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?