AFC Banner
Empty Ad
Empty Ad

ටයිල් ගොඩකින් වසා දැමු කාන්තා දේහයක් නිවසකින් හමුවෙයි

මීට දින හතරකට පමණ පෙර ඝාතනය කරන්නට ඇතැයි සැක කෙරෙන නාඳුනන කාන්තා මළ සිරුරක් කිරිබත්ගොඩ මුදියන්සේගේ වත්ත ප්‍රදේශයේ පාළු නිවසක තිබී සොයාගෙන තිබේ.

ඊයේ සවස අසල්වැසියන් විසින් 119 දුරකථන අංකයට දුන් තොරතුරක් මත කිරිබත්ගොඩ පොලීසිය විසින් මළ සිරුර සොයා ගෙන තිබෙනවා.

මළ සිරුර ටයිල් ගොඩකින් වසා තිබී ඇති අතර සිරුර නරක් වී තිබු බව ද පොලීසිය පැවසුවේ.

මියගොස් සිට ඇති කාන්තාව අවුරුදු 35ක් පමණ වන තැනැත්තියක් වන අතර ඇය දුෂණය කර ඝාතනය කරන්නට ඇතැයි පොලීසිය සැක පළ කරයි.

කාන්තාව මියගොස් සිටි නිවසේ අලුත්වැඩියා කටයුතු සඳහා පුද්ගලයෙක් පැමිණ ඇති බවත් CCTV කැමරා ඔස්සේ වැඩිදුර පරීක්ෂණ සිදුකරන බවත් පොලීසිය සඳහන් කර සිටියි/

මේ අතර මියගිය කාන්තාව අංගොඩ මානසික රෝහලෙන් බෙහෙත් ලබාගෙන ඇති බෙහෙත් තුණ්ඩු කිහිපයක් ද නිවසේ තිබී සොයා ගෙන ඇත.

මෘත ශරීරිය මේ වනවිට රාගම රෝහලට ගෙනැවිත් ඇති අතර, සැකකරුවන් සොයා කිරිබත්ගොඩ පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?