Empty Ad
Empty Ad
AFC Banner

ඥානසාර හිමිට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනා ලැබ සිටින බොදු බල සේනා සංවිධානයේ නායක ගලබඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කරමින් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (23) නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඥානසාර හිමි විත්තිකරුකරමින් ගොනු කළ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් පසුගිය 19 දින නිකුත් කිරීමටයි කටයුතු කළේ.

ඥානසාර හිමියෝ අධිකරණයේ අද (23) පෙනී සිටියා.

සැකකරු වෙනුවෙන් නීතිඥ සංජය ආරියදාස මහතාගේ උපදෙස් පරිදි කරුණු දැක්වූ නීතිඥ ඉසුරු එදිරිසිංහ මහතා කියා සිටියේ සැකකාර හිමිනම අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටි බැවින් නඩුවේ තීන්දුව ලබාදීමට නියමිතව තිබූ පසුගිය 19 දින අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බවයි.

ස්වාමීන් වහන්සේ හෙට (24) දිනයේ ද යළි රෝහල්ගත වන බව වැඩිදුරටත් සඳහන් කළා.

2016 ජූලි මස 08 වැනි දින කිරුළපන පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් ආගමික සංහිඳියාව බිඳියන ආකාරයෙන් කටයුතු කර ඇති බවත්, ඒ අනුව දණ්ඩනීති සංග්‍රහයේ 291( ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා වරෙන්තුව ආපසු කැඳවමින් ජනවාරි 9 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සැකකරුට නියෝග කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
3
+1
1
+1
3
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සීසර්ලා එක්ක එකතුවෙලා OIC දාපු සෙල්ලම් මාට්ටු - මෙන්න හඬපටය
30:47
Video thumbnail
බලශක්ති ඇමතිගෙන් විශේෂ ප්‍රකාශයක්
01:13
Video thumbnail
මොනවා නැතත් හැමදාම Show නම් දානවා - වසන්ත අද කියන පම්පෝරිය
05:50
Video thumbnail
විදුලි බිල අඩුකිරීම අවුරුද්ද පුරා කරන්න
07:37
Video thumbnail
චීනෙට ගුඩ් බායි කියා මහ රෑ දිවයින ආපු ජනපති
02:34
Video thumbnail
ජාතික කාන්තා එකමුතුව ෆයර් වෙයි - ආණ්ඩුව දාන වෙට්ටු වලට මේන් පිළිතුරු
09:46
Video thumbnail
KASTHIRAMA | ජාජබ පා.ම චන්දන සූරියආරච්චි සහ සජබ පා.ම හෙක්ටර් අප්පුහාමි සහභාගීවන කස්තිරම
01:30:36
Video thumbnail
විදුලි බිලෙන් දුන්න සහනය ඉතා අගෙයි - මේකට බැරියර් දාන්න යන්න එපා
04:57
Video thumbnail
20% විදුලි බිල අඩු කළාටමහජන උපයෝගිතා කොමිසමට ස්තූතියි
06:14
Video thumbnail
කෝච්චි පෙට්ටියේ Massage කරන එක හොඳයිද? අපිලගේ සාදුට යකා වැහෙයි
05:05

?