ඥානසාර හිමිට නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවයි

ඉස්ලාම් ආගමට අපහාසයක් සිදු කොට ආගමික සංහිඳියාවට බාධා කළේ යැයි චෝදනා ලැබ සිටින බොදු බල සේනා සංවිධානයේ නායක ගලබඩඅත්තේ ඥානසාර හිමි අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කරමින් නිකුත් කළ වරෙන්තුව ආපසු කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (23) නියෝග කළා.

සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසය මගින් ඥානසාර හිමි විත්තිකරුකරමින් ගොනු කළ නඩුවට පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා විසින් පසුගිය 19 දින නිකුත් කිරීමටයි කටයුතු කළේ.

ඥානසාර හිමියෝ අධිකරණයේ අද (23) පෙනී සිටියා.

සැකකරු වෙනුවෙන් නීතිඥ සංජය ආරියදාස මහතාගේ උපදෙස් පරිදි කරුණු දැක්වූ නීතිඥ ඉසුරු එදිරිසිංහ මහතා කියා සිටියේ සැකකාර හිමිනම අසනීප තත්ත්වයක් හේතුවෙන් රෝහල්ගතව සිටි බැවින් නඩුවේ තීන්දුව ලබාදීමට නියමිතව තිබූ පසුගිය 19 දින අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වූ බවයි.

ස්වාමීන් වහන්සේ හෙට (24) දිනයේ ද යළි රෝහල්ගත වන බව වැඩිදුරටත් සඳහන් කළා.

2016 ජූලි මස 08 වැනි දින කිරුළපන පැවැති මාධ්‍ය සාකච්ඡාවේ දී ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් ආගමික සංහිඳියාව බිඳියන ආකාරයෙන් කටයුතු කර ඇති බවත්, ඒ අනුව දණ්ඩනීති සංග්‍රහයේ 291( ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකර ඇති බවට චෝදනා කරමින් මෙම නඩුව පවරා තිබුණා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරයා වරෙන්තුව ආපසු කැඳවමින් ජනවාරි 9 වැනි දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසට සැකකරුට නියෝග කළා.

  1. නානගේ අසනීපය මොකක්ද ? ලබ්බ උස්සල ලංකට් එක අස්සෙ ගහගන්න බැරුව හිටියද මෙච්චර දවසක්..?



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14