ලෝක ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි මුලසුනේ වැජඹුණු එංගලන්තයේ ජ්‍යේෂ්ඨ පිතිකරු ජෝ රූට් යළිත් සිය ස්ථානය ලබා ගැනීමට සමත් ව තිබෙනවා.
ජූලි 12 වැනි දින සිදු කර ඇති නවතම ශ්‍රේණිගත කිරීම් අනුව රූට් එක් ස්ථානයකින් ඉදිරියට පැමිණෙමින් පළමු තැන ගැනීමට සමත් ව ඇති අතර දෙවැනි ස්ථානය හිමි ව ඇත්තේ නවසීලන්තයේ කේන් විලියම්සන්ටයි.
මෙම නව ශ්‍රේණිගත කිරීම් හි විශේෂත්වයක් ලෙස ශ්‍රී ලංකා ටෙස්ට් පිතිකරු කමිඳු මෙන්ඩිස් ද ස්ථාන දෙකකින් ඉදිරියට ඒමට සමත් ව සිටිනවා.
ඒ සිය නවතම ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම 07 වැනි තැනට ඔසවා ගනිමින්.
කමිඳු මෙන්ඩිස් මෙම දක්ෂතාවට දැක්වූයේ මෙම වසරේ දී බංග්ලාදේශයට එරෙහිව ගාල්ලේ දී පැවති ටෙස්ට් තරගාවලියේ දියි.
පැතුම් නිස්සංක ද එක් ස්ථානයක් ටෙස්ට් පිතිකරණ ශ්‍රේණිගත කිරීම් හි ඉදිරියට එමින් 18 වැනි තැනට පත් ව සිටිනවා.





