ජෝ බයිඩන්ට පිළිකාවක්

එක්සත් ජනපදයේ හිටපු ජනාධිපති ජෝ බයිඩන්ට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් ඇති බවට හඳුනාගෙන තිබෙනවා.

එය මේ වනවිට 82 හැවිරිදි වියේ පසුවන ඔහුගේ අස්ථි දක්වා පැතිරී ඇති බවයි වෛද්‍යවරු පවසන්නේ.

ජනවාරි මාසයේ දී ධුරයෙන් ඉවත් වූ බයිඩන්, මුත්‍රා රෝග ලක්ෂණ සඳහා පසුගිය සතියේ වෛද්‍යවරයෙකු හමුවීමෙන් පසු මෙම රෝග තත්ත්වය විනිශ්චය කර ඇති බවයි වාර්තා වන්නේ.

ඔහුගේ රෝගය “ඉහළ ශ්‍රේණියේ” ලෙස වර්ගීකරණය කර ඇති අතර පිළිකා සෛල ඉක්මනින් පැතිර යා හැකි බව එක්සත් රාජධානියේ පිළිකා පර්යේෂණ ආයතනය පවසනවා.

මේ අතර බයිඩන් සහ ඔහුගේ පවුලේ අය ප්‍රතිකාර විකල්ප සමාලෝචනය කරමින් සිටින බවයි වාර්තා වන්නේ.

එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ඔහුගේ සමාජ මාධ්‍ය වේදිකාවක් වන Truth Social හි සටහනක් තබමින් පැවසුවේ, තමන් සහ තම බිරිඳවන මෙලනියා, ජෝ බයිඩන්ගේ මෑත කාලීන වෛද්‍ය රෝග විනිශ්චය ගැන අසා කණගාටු වන බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
3
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?