AFC Banner
AFC Banner
Empty Ad

ජෝසප් ස්ටාලින් ඇතුළු සැකකරුවන් 34 දෙනෙකු නිදහස් කරන ලෙස නියෝගයක්

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තු වටරවුම අසළ උද්ඝෝෂණය කළ බව කියන සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන්වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු සැකකරුවන් 34 දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (06) නියෝග කළා.

පැමිණිල්ල මෙහෙයවන වැලිකඩ පොලිසිය සිද්ධියට අදාළ කරුණු දැක්වීම සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

නිරෝධායන නීති රීති කඩ කර කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තුව වට රවුම්ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වූ බව පවසමින් වැලිකඩ පොලිසිය මගින් සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබුණා.

එම නීති විරෝධී උද්ඝෝෂණය හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි වාහන තදබදයක් මෙන්ම ජයවර්ධනපුර රෝහලට පැමිණෙන ගිලන්රථවලට දැඩි අපහසුතාවයක් ඇති වූ බවත් එසේම මේ සිදුවිම තුළින් දැඩි මහජන කැළඹීමක් ඇති වූ බව ද වැලිකඩ පොලිසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණා.

සිද්ධියේ සැකකාර ජෝසප් ස්ටාලින් ඇතුළු සැකකරුවන් 34 දෙනා අද (06) අධිකරණය හමුවේ පෙනී සිටියා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?