ජෝසප් ස්ටාලින් ඇතුළු සැකකරුවන් 34 දෙනෙකු නිදහස් කරන ලෙස නියෝගයක්

නිරෝධායන නීති උල්ලංඝනය කරමින් පාර්ලිමේන්තු වටරවුම අසළ උද්ඝෝෂණය කළ බව කියන සිද්ධියට අදාළ නඩුවේ සැකකරුවන්වන ලංකා ගුරු සංගමයේ ලේකම් ජෝසප් ස්ටාලින් ඇතුළු සැකකරුවන් 34 දෙනෙකු නිදහස් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක මහතා අද (06) නියෝග කළා.

පැමිණිල්ල මෙහෙයවන වැලිකඩ පොලිසිය සිද්ධියට අදාළ කරුණු දැක්වීම සඳහා අධිකරණය හමුවේ පෙනී නොසිටීම සැලකිල්ලට ගනිමින් මහේස්ත්‍රාත්වරයා එම නියෝගය නිකුත් කරනු ලැබුවා.

නිරෝධායන නීති රීති කඩ කර කොතලාවල විශ්වවිද්‍යාල පනතට එරෙහිව පාර්ලිමේන්තුව වට රවුම්ප්‍රදේශයේ උද්ඝෝෂණයක නිරත වූ බව පවසමින් වැලිකඩ පොලිසිය මගින් සැකකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබුණා.

එම නීති විරෝධී උද්ඝෝෂණය හේතුවෙන් පාර්ලිමේන්තු මාර්ගයේ දැඩි වාහන තදබදයක් මෙන්ම ජයවර්ධනපුර රෝහලට පැමිණෙන ගිලන්රථවලට දැඩි අපහසුතාවයක් ඇති වූ බවත් එසේම මේ සිදුවිම තුළින් දැඩි මහජන කැළඹීමක් ඇති වූ බව ද වැලිකඩ පොලිසිය අධිකරණය හමුවේ කරුණු වාර්තා කර තිබුණා.

සිද්ධියේ සැකකාර ජෝසප් ස්ටාලින් ඇතුළු සැකකරුවන් 34 දෙනා අද (06) අධිකරණය හමුවේ පෙනී සිටියා.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි
00:42
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස
00:45
Video thumbnail
අපි පාර්ලිමේන්තුවෙන් එළියට බැස්සා ඇමතිකම් අතහැරලා - රාජිත ආණ්ඩුවට සැරටම අමතයි
02:43
Video thumbnail
ඒකාබද්ධ වෘර්තීය සමිති පන්දම් අරගෙන ලිප්ටන් වට රවුම වටලයි - අනුර, හර්ෂ පුරප්පාඩු පුරවාපන්
01:00
Video thumbnail
කොට අයට අනිවාර්ය නැති සීට් බෙල්ට් නීතිය - අඩි හතර හමාරට අඩු අයට සීට් බෙල්ට් නීතිය අනිවාර්ය නෑ
01:00
Video thumbnail
වලංගු බලපත්‍ර තියෙන සේවිකාවන් අයාලේ පනතෙන් කොහොමද අත්අඩංගුවට ගන්නේ ?
02:58
Video thumbnail
Praharaya | සමඟි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහණ බණ්ඩාර සහභාගීවන ප්‍රහාරය වැඩසටහන
00:00
Video thumbnail
සජබ උද්ඝෝෂණය තිබෙන ස්ථානය නිරීක්ෂණයට ගිය සජිත් ඇතුළු පිරිස - මරික්කාර් හතර වටේම පෙන්නයි
00:51
Video thumbnail
රටේ සියල්ල පැලවත්තට වහල් කරන්න හදන්නේ - හිතා මතා අධිකරණය විනාශ කරන්න ගෙන එන මෙවලමක්
04:39
Video thumbnail
SPA කියන හැම එකක්ම අපේ නෙවෙයි - SPA වැටලීම් ගැන පොලිසිය එක්ක සාකච්ඡා කරලා අපි විසඳගත්තා
06:38