ජොනතන් ට්‍රොට් ඇෆ්ගනිස්ථාන ප්‍රධාන පුහුණුකරු තනතුරින් ඉවත්වෙන්න සැරසෙයි

2026 පිරිමි විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියෙන් පසු ඇෆ්ගනිස්ථාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ජොනතන් ට්‍රොට් එම ධුරයෙන් ඉවත්වීමට තීරණය කර තිබෙනවා.

මේ පිළිබඳ නිල නිවේදනය ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය ඊයේ (03) නිකුත් කළා.

ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය වැඩිදුරටත් නිවේදනය කළේ, කිසිදු ජාත්‍යන්තර කණ්ඩායමක් සදහටම තනි පුහුණුකරුවෙකු යටතේ නොපවතින අතර, මණ්ඩලය දිගුකාලීන විශිෂ්ටත්වය කරා ගොඩනැගීම දිගටම කරගෙන යන බැවින් මෙම වෙනස ඇෆ්ගනිස්ථානයට නව පරිච්ඡේදයක් සනිටුහන් කරනු ඇති බවයි.

එංගලන්ත ජාතික ජොනතන් ට්‍රොට් ඇෆ්ගනිස්ථාන ප්‍රධාන පුහුණුකරු ලෙස පත්වීමෙන් අනතුරුව කණ්ඩායම පෙරලිළිකාර ජයග්‍රහණ කිහිපයක්ම වාර්තා කළ අතර කණ්ඩායමේ සීඝ්‍ර වර්ධනය ද පෙන්නුම් කළා.

2023 එක්දින ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදී එංගලන්තය, ශ්‍රී ලංකාව සහ පකිස්තානය යන කණ්ඩායම් පරාජයට පත් කිරීම, ඉතිහාසයේ පළමු වරට 2024 විස්සයි විස්ස ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලැබීම ආදී සුවිශේෂී ජයග්‍රහණ රැසක් ඒ අතර වනවා.

මේ අතර ඔහු ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ මේ දක්වා කාලය තුළ ඇෆ්ගනිස්ථානය සහභාගී වූ එක්දින තරග 43න් 20ක් සහ විස්සයි විස්ස තරග 61න් 29ක් ජයග්‍රහණය කර තිබෙනවා.

2022 ජූලි මාසයේදී ප්‍රධාන පුහුණුකරු ලෙස ප්‍රථමවරට ට්‍රොට් වැඩ භාරගත් අතර,ඔහුගේ ආරම්භක ධුර කාලය මාස 18ක් වූ නමුත් 2024 දී ඔහුට මාස 12 ක දිගුවක් ලබා දෙන ලද අතර පසුව එය 2025 අවසානය දක්වා දීර්ඝ කිරීමට කටයුතු කළා.

මේ අතර ජොනතන් ට්‍රොට් එම තනතුරින් ඉවත්වීමෙන් පසු පත්කරන තැනැත්තා පිළිබඳව ඇෆ්ගනිස්ථාන ක්‍රිකට් පාලක මණ්ඩලය තවමත් ප්‍රකාශයක් සිදුකර නැහැ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
1
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විෂ බෙහෙත් ගැන ජගත් විතානගෙන් විශේෂ හෙළිදරව්වක්.."මල් කැකුළක් අකාලයේ නැතිවුණේ..මේක ඝා#නයක්"
06:25
Video thumbnail
කඩුගන්නාව නගර සභාවේ බලය සජබයට රැකගන්න බැරිවෙලා
02:02
Video thumbnail
මල් පැල කියලා ඇවිත් තියෙන්නේ ගංජාකාරයෝ ටිකක්
03:06
Video thumbnail
විශේෂ පාර්ලිමේන්තු විවාදය 2025.12.18
03:35:08
Video thumbnail
අන්ධවෙලා දුර්වල මට්ටමක සිටි අලියව සංවිධානාත්මකව දිවි අහිමි කරලා..මේ කරන දේවල් තමයි රටට පළදෙන්නේ
02:36
Video thumbnail
චාමර කෑගහලා කිව්ව කතාව බොරුවක් වුණ හැටි මෙන්න..
01:50
Video thumbnail
යුරෝපා සංගමයෙන් දුන් ඇස් උඩයන තෑග්ග..කොහොමද බඩුටික දැක්කමත් පුදුමයිනේ ?
01:10
Video thumbnail
විශාල බෝ ගසක් කඩා වැටී බස් රථ දෙකකට හානි
01:50
Video thumbnail
උඩුනුවර ප්‍රාදේශීය සභාව දැඩි උණුසුම්වෙයි..SJB මන්ත්‍රීවරයෙක් පොත ඉරා දමයි..ඔයා යුක්තිගරුක වෙන්න..
19:49
Video thumbnail
ජනාධිපතිතුමා නිදි නැතුව දැඩි පීඩනයෙන් හිටියේ - අපි අගයන්න ඕනේ
07:11


?