ජොගින් ට්‍රැක් එකක් හදන්න රත්නපුරේ ගස් 103ක් බිල්ලට

මේ දිනවල රත්නපුර නව නගර මාර්ගයේ ගමන් ගන්නා ඔබට මාර්ග අයිනේ ඇති ගස් සියල්ලේම (103ක) අංක යොදා ඇති බව දක්නට ලැබේ. ඒ පිළිබදව සොයා බැලීමේදී දැනගන්නට ලැබුණේ ඇවිදින මංතීරුවක් සකස් කිරීම සදහා කපා ඉවත් කිරීම සදහා එම අංක යොදා ඇති බවයි. ජපන් ජාතිකයන් විසින් 1988දී පමණ මෙම මාර්ගය ඉදිකිරීමේදී තවත් අවුරුදු 50කටවත් විශාල නොකළ යුතු ලෙස මෙම මාර්ගය ඉදිකොට ඇත.

එසේම මෙම මාර්ගයට සාපේක්ෂව අතුරු මාර්ග කිහිපයක්ම සකස් කොට ඇත. එම අතුරු මාර්ගයන් බොහොමයක් අද වන විට භාවිතයට නොගැනීම නිසා වල් බිහිවී විවිධ අපචාරයන් සිදුවන හෝ ‘පරිසර හිතකාමී’ මහත්ම මහත්මීන් විසින් කසල ගෙනැවිත් දමන තෝතැනි බවට පත්ව ඇත. මෙවැනි ඇවිදින මංතීරුවක් සෑදීමට අවශ්‍යම නම් එම අතුරු මාර්ගයන් හොදටම ප්‍රමාණවත් වේ. එසේත් නොමැති නම් ඇවිදීම සදහා දැනටමත් අවශ්‍ය විශාලත්වයෙන් නව නවනගර මාර්ගය ප්‍රමාණවත් වේ.

බොහෝ විට සවස් භාගය වන විට මාර්ගයේ රථවාහන තද බදයද අවම බැවින් ඕනෑම අයකුට ඕනෑම ආකාරයකට ඇවිදීමට පුලුවන. එසේම අවසාන වශයෙන් කීමට ඇත්තෙ ඇවිදින මංතීරැව සකස් කිරීමට පෙර රත්නපුර නගරයට පැමිණෙන අති විශාල වාහන ප්‍ර්‍රමාණය ගාල් කිරීම සදහා රථවාහන අංගනයක් සකස් කරනවානම් ඉතාමත් අගනා කටයුත්තක් බවයි.

1 1
2 1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න ආණ්ඩුවේ ප්‍රබලයෙක් එයි..අවසන් කටයුතු පූර්ණ රාජ්‍ය ගෞරව මැද
04:54
Video thumbnail
විදේශ ආධාර කළමනාකරණයට විශේෂ කමිටුවක්..ආධාර වැඩි නිසා දැඩි ආරක්ෂාව එක්ක තව ගබඩා කාමරයක් ගත්තා
11:40
Video thumbnail
ජනාධිපතිතුමාගේ යාළුවෙක්ව ද විගණකාධිපති කරන්න හදන්නේ..?
03:46
Video thumbnail
කිරිබත්ගොඩ ප්‍රසිද්ධ වෙළඳසැලක විශාල ගින්නක්
02:08
Video thumbnail
මතුගම සජබ සභාපති ලේකම්තුමියට ප#හරදීලා
01:28
Video thumbnail
කලාශූරී ලතා වල්පොලගේ දේහයට ගෞරව දක්වන්න කාදිනල් හිමි ඇතුළු කලාකරුවෝ රැසක් ඇවිත් සංවේදී වෙයි
04:57
Video thumbnail
ගාල්ල නගර සභාවේ ලේකම්වරියට ජල ප්‍ර#හාරයක් - ලේකම්වරිය පැනලා යයි
04:23
Video thumbnail
ග්‍රාම නිලධාරීන්ට දෙන සොච්චම් දීමනාව වැඩි කරලා දෙන්න
04:47
Video thumbnail
චමල් සංජීවගෙන් මෝදිට විශේෂ සංදේශයක්
05:27
Video thumbnail
අතුරදන්ව සිටි පුද්ගලයෙකුගේ මළ සිරුර මහවැලි ගඟෙන් මතුවෙයි
01:03


?