ජේ ආර් ගේ මුණුබුරාට එල්ලවූ ප්‍රහාරය

කොළඹ මහා නගර සභාවේ පරිසර කමිටුවේ සභාපති ධුරය සදහා සභාපතිවරයෙකු පත් කර ගැනීමේ ඡන්ද විමසීම කොළඹ මහ නගර සභාවේදී අද සිදු කෙරුණු අතර එහිදී බිත්තර සහ මිරිස් කුඩු ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

සභාපති ධුරය සදහා තරග වැදුණේ හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුපුරෙකු වන එක්සත් ජනතා නිදහස් සන්ධාන නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන සහ එම පක්ෂයේම නාගරික මන්ත්‍රී සමන් අබේගුණරත්නයි. එහිදී වැඩි ඡන්දයෙන් එම ධුරයට තේරි පත් වූයේ ප්‍රදීප් ජයවර්ධනයි.

එම පත් කිරීමට විරෝධය දක්වමින් සමන් අබේගුණරත්න මන්ත්‍රීවරයා පිහියක් රැගෙන ප්‍රදීප් ජයවර්ධන මන්ත්‍රීවරයා පහර එල්ල කිරීම උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ.

සමන් අබේගුණරත්න මන්ත්‍රීවරයාගේ දියණිය වන සුරේඛා අබේගුණරත්න ද කොළම මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයක් වන අතර ඇයද ප්‍රදීප් ජයවර්ධන මන්ත්‍රීවරයාට බිත්තර, මිරිස් කුඩු කහ කුඩු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අනතුරුව මෙම මොවුන් දෙදෙනා අසභ්‍ය වචන භාවිත කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

සමන් අබේගුණරත්න මන්ත්‍රීවරයාගේ දියණිය එල්ල කළ බිත්තර , මිරිස් කුඩු සහ කහ කඩු ප්‍රහරයෙන් ප්‍රදීප් ජයවර්ධන මන්ත්‍රීවරයාගේ කමිසයේද විසිරී තිබුණා. මෙම සිද්ධිය පිළිබද ප්‍රදීප් ජයවර්ධන මන්ත්‍රීවරයා කුරුදුවත්ත පොලිසියටද පැමිණිලි කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
දඹුල්ල මහ නගර සභාවේ නගරාධිපතිතුමා, හි. නගරාධිපතිට අල්ලස් පැමිණිලි 15ක් දාලා..
05:59
Video thumbnail
Breaking News
04:20
Video thumbnail
හැම ත්‍රීවීල් එකකම තිබ්බේ මාලිමාව දිනවමු කියලා..දැන් දිනෙව්වා හරිනේ..සමහරුන්ගේ මොළේ කිසිම දෙයක් නෑ
06:44
Video thumbnail
සමන්ත තමුන් අබින් කාලද ඉන්නේ..ඔය හිල වැහුවම ගලවන් යනවනේ
02:10
Video thumbnail
මේ වෙනස කරන්නේ ඒකාධිපති ක්‍රමවේදයකට..විශ්වවිද්‍යාල පනතක් නිසා සජිත් කුපිතවෙයි..
05:37
Video thumbnail
රිය අනතුරු වෙද්දි රන්වල බීමතින් ඉදලා නැද්ද...?..තනතුරු නොසලකා නීතීය දැඩිව ක්‍රියාත්මක කරනවා
08:37
Video thumbnail
දිලිත් ඇතුළු පක්ෂයේ ප්‍රබලයින් ගැටඹේ විහාරස්ථානයට තීන්ත හා උපකරණ තොගයක් පරිත්‍යාග කරයි
11:44
Video thumbnail
ආගම දහම තමයි අපිට ප්‍රධානම දේ..ගංවතුරින් හානි වූ ආගමික ස්ථාන ඉක්මනින්ම පිළිසකර කරලා දෙනවා
04:55
Video thumbnail
අශෝක රංවලගේ අනතුරෙන් පසු රෝහලේ උණුසුම් තත්ත්වයක්
00:26
Video thumbnail
අශෝක රංවලගේ අනතුරෙන් පසු රෝහලේ උණුසුම් තත්ත්වයක්..මුන් අපිට ගේට්ටුවෙන් එන්නවත් දෙන්නෑ යකෝ
02:50


?