ජේ ආර් ගේ මුණුබුරාට එල්ලවූ ප්‍රහාරය

කොළඹ මහා නගර සභාවේ පරිසර කමිටුවේ සභාපති ධුරය සදහා සභාපතිවරයෙකු පත් කර ගැනීමේ ඡන්ද විමසීම කොළඹ මහ නගර සභාවේදී අද සිදු කෙරුණු අතර එහිදී බිත්තර සහ මිරිස් කුඩු ප්‍රහාරය එල්ල වී තිබෙනවා.

සභාපති ධුරය සදහා තරග වැදුණේ හිටපු ජනාධිපති ජේ ආර් ජයවර්ධන මහතාගේ මුණුපුරෙකු වන එක්සත් ජනතා නිදහස් සන්ධාන නාගරික මන්ත්‍රී ප්‍රදීප් ජයවර්ධන සහ එම පක්ෂයේම නාගරික මන්ත්‍රී සමන් අබේගුණරත්නයි. එහිදී වැඩි ඡන්දයෙන් එම ධුරයට තේරි පත් වූයේ ප්‍රදීප් ජයවර්ධනයි.

එම පත් කිරීමට විරෝධය දක්වමින් සමන් අබේගුණරත්න මන්ත්‍රීවරයා පිහියක් රැගෙන ප්‍රදීප් ජයවර්ධන මන්ත්‍රීවරයා පහර එල්ල කිරීම උත්සහ කර ඇති බවයි වාර්තා වන්නේ.

සමන් අබේගුණරත්න මන්ත්‍රීවරයාගේ දියණිය වන සුරේඛා අබේගුණරත්න ද කොළම මහා නගර සභාවේ නාගරික මන්ත්‍රීවරයක් වන අතර ඇයද ප්‍රදීප් ජයවර්ධන මන්ත්‍රීවරයාට බිත්තර, මිරිස් කුඩු කහ කුඩු ප්‍රහාරයක් එල්ල කර තිබෙනවා.

අනතුරුව මෙම මොවුන් දෙදෙනා අසභ්‍ය වචන භාවිත කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරී ඇති බවයි වාර්තා වන්නේ.

සමන් අබේගුණරත්න මන්ත්‍රීවරයාගේ දියණිය එල්ල කළ බිත්තර , මිරිස් කුඩු සහ කහ කඩු ප්‍රහරයෙන් ප්‍රදීප් ජයවර්ධන මන්ත්‍රීවරයාගේ කමිසයේද විසිරී තිබුණා. මෙම සිද්ධිය පිළිබද ප්‍රදීප් ජයවර්ධන මන්ත්‍රීවරයා කුරුදුවත්ත පොලිසියටද පැමිණිලි කර තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
4
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
උත්සව සමයට ගම්බිම් බලා යාමට විශේෂ දුම්රිය සේවාවන් රැසක්..පා පුවරුවේ ගමන් කරන විට ආරක්ෂාකාරි වෙන්න
01:26
Video thumbnail
හූ..ලැජ්ජා නැද්ද යකෝ - NPP සෙට් එක නිසා මාතර සමූපකාර රෝහලේ දැඩි උණුසුම් තත්ත්වයක්
16:37
Video thumbnail
CTB බස් එකේ යනවනම් අවුරුදු තෑගි..ගන්න ටිකට් සුරක්ෂිතව තියාගන්න
04:10
Video thumbnail
නාමල් ඔය කියන පාටි දැම්මේ නෑ..නාමල්ගේ උපන්දිනය ක්‍රේන්ද්‍රකරගෙන මාලිමාව බොරු ප්‍රචාර යවනවා
02:43
Video thumbnail
ගම්බිම් බලා යන ජනතාවගේ අඩුවක්..කෝච්චි බස් තියෙනවා - සෙනඟ අඩුයිනේ..හෙට කොහොමත් නැතිවෙයි
02:07
Video thumbnail
කෝප් සභාපති ඔයා ඉල්ලා අස් වෙන්න ඕනි..ඊයේ මහජන විශ්වාසය සම්පූර්ණයෙන්ම පළුදු වුණා
04:45
Video thumbnail
ටැප් කඩපුවට CIDට ආ සෙට් එක කිව්ව කතා එක පෙළට.."මම සංවිධායක ධුරයක් දරන්නේ නෑ"
01:18
Video thumbnail
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ලෝක බැංකු ණය දීර්ඝ කිරීමට අපිත් ඉල්ලීම් කරන්නම් l Sajith Premadasa
07:21
Video thumbnail
"සර්වජනයේ ටිකිරිලියා ටැප් කඩන්න කොළඹ ගියා"."අවු:15කින් මම ඔය පැත්තට ගිහින්වත් නෑ.."හෙන්චයියන්ම කඩලා
07:52
Video thumbnail
කරාම කැඩුවේ නාමල්ගේ පක්ෂයේ තරුණයෙක්ද ?පසන් සාක්ෂි එක්කම හෙළිකරයි
10:46