AFC Banner
AFC Banner
Empty Ad

ජෙරොම් ප්‍රනාන්දුගේ දෙමව්පියන් සමාව ඉල්ලයි (වීඩියෝ)

බුදුදහම සහ බුදුරජාණන් වහන්සේ ගැන ආන්දෝලනාත්මක ප්‍රකාශයක් සිදු කළ ජෙරම් ප්‍රනාන්දුගේ දෙමව්පියන් අද සිය පුත්‍රයාගේ ප්‍රකාශ පිළිබඳ සමාව ඉල්ලා සිටියා.

ඔවුන් අද රාමඤ්ඤ මහා නිකායේ සංඝ මුලස්ථානයට පැමිණ පුජ්‍ය ඕමල්පේ සෝභිත නායක හිමියන් බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනුයි මේ බව කියාසිටියේ.

ජෙරම් ප්‍රනාන්දුගේ දෙමව්පියන් මෙලෙස පැමිණ තිබුණේ පුත්‍රයාගේ ප්‍රකාශයෙන් බුදු දහමට මෙන්ම බෞද්ධ ආගමික ජනතාවට සිදු වූ අපහසුතාව වෙනුවෙන් මහා සංඝරත්නය සහ සමස්ත බෞද්ධ සමාජයෙන් සමාව ඉල්ලීම සඳහායි.

දෙපාර්ශවය අතර සුහද සාකච්ඡාවක් පැවති අතර අනතුරුව ඕමල්පේ සෝභිත හිමියන් මාධ්‍ය වෙත අදහස් පළ කරමින් කියාසිටියේ වරද තේරුම් ගෙන ඒ පිළිබඳ සාකච්ඡාවකට පැමිණි සමාව ඉල්ලන්නේ නම් බෞද්ධ සමාජයක් ලෙස සමාව දීමට සුදානම් බවයි.

පළමු වටයේ සාකච්ඡාව සුහදශීලීව නිමා වූ අතර මෙම සාකච්ඡාව ඉදිරියට ගෙන යාමට බලාපොරොත්තු වන බවයි උන්වහන්සේ කියාසිටියේ.

අනතුරුව ජෙරොම් ප්‍රනාන්දුගේ මව වන බෙවින් ප්‍රනාන්දු  මාධ්‍ය වෙත අදහස් පළ කළා.

ඇය කියාසිටියේ තම පුත්‍රයාගේ ප්‍රකාශ හේතුවෙන් සිත් රිදවීමක් වූයේ නම් ලොකු කුඩා සියලු දෙනාගෙන්ම කෝටි වාරයක් සමාව ඉල්ලා සිටින බවයි.

එමෙන්ම ඕමල්පේ සෝභිත නාහිමියන් තමන්ට මෙම අවස්ථාව ලබාදීම පිළිබඳ ස්තූතිවන්ත වන බව ද ඇය සඳහන් කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
1
+1
5
+1
2
+1
0
+1
1
+1
3
Subscribe
Notify of
3 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර ලැබුණු ඔත්තුව #live #dasathamidnewstoday #dasathanews
00:51
Video thumbnail
🔴2025 අයවැය පාර්ලිමේන්තු විවාදය පස්වැනි දිනය සජීවීව
03:02:27
Video thumbnail
අපි ඔක්කොම එක අම්මාගේ දරුවෝ වගේ එක පොදු විපක්ෂයක් හදනවා...
13:32
Video thumbnail
ගනේමුල්ල සංජීව ඝා#නයට පෙර වැඩබලන පොලිස්පතිට ලැබුණු ඔත්තුව
05:29
Video thumbnail
ගමෙන් ගමට නැවත එන නාමල් - "රැවටිච්ච මිනිසුන්ට තේරෙනවා හැමදාම රැවටෙන්න බෑ කියලා"
07:42
Video thumbnail
සුමන්තිරන් කරන්න යන වැඩක් ගැන සැකයක්...
03:49
Video thumbnail
මේසේට හයියෙන් තට්ටු දාපු ආණ්ඩුවේ මන්ත්‍රීවරු
17:08
Video thumbnail
🔴LIVE :- රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන විශේෂ මාධ්‍ය හමුව
01:09:42
Video thumbnail
රටේ හරක් ටික දක්කන්න කෙවිට අතට ගත් වනවාසී රාහුල හිමි | Open Heart with Wanawasi Rahula thero EP :07
32:34
Video thumbnail
ඊගාවට බලයට එන්නේ අපි තමයි
06:37

?