ලෝක කුසලාන පන්දුවාර විස්සයි විස්ස තරගාවලියේ කොළඹ ආර්.ප්‍රේමදාස ක්‍රිකට් ක්‍රීඩාංගනයේ දී ඊයේ (15) පැවැති ඉන්දු පාකිස්ථාන තරගය නැරඹීම සඳහා පෞද්ගලික ජෙට් යානා 15 කින් පුද්ගලයින් පැමිණීම පිළිබඳව දැඩි කතා බහක් මතුව තිබෙනවා.
මෙම පෞද්ගලික ජෙට් යානා ඉන්දියාව, පාකිස්ථානය ඇතුළු තවත් රටවල් කිහිපයකින් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබූ බවයි තොරතුරු වාර්තා වුණේ.
එම ගුවන් යානාවල පාකිස්ථාන ක්‍රීඩා අමාත්‍යවරයා ඇතුළු පිරිසක්, ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ජේ ෂා ඇතුළු පිරිසක් මෙන්න කෝටිපති ව්‍යාපාරිකයන් රැසක් ද පැමිණි බවයි ගුවන්තොටුපොළ ආරංචි මාර්ගය සඳහන් කළේ.
මෙලෙස පැමිණ තිබූ ගුවන් යානා ඒවායේ පැමිණි පිරිස ද රැගෙන කටුනායක ගුවන් තොටුපොළෙන් මේ වනවිට පිටත්ව ගොස් ඇති බවයි දසත නිවුස් ගුවන්තොටුපොළ වාර්තාකරු පැවසුවේ.




















