AFC Banner
AFC Banner
Empty Ad

ජී.එල්.ගේ ඇමතිකම ගැලවෙයි

ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රධානත්වය දරණ නව ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අද (22) පස්වරුවේ දිවුරුම් දුන්නා.

එහිදී අමාත්‍යවරුන් 18 දෙනෙක් ජනාධිපතිවරයා ඉදිරියේ දිවුරුම් දෙනු ලැබුවා.

මෙලෙස දිවුරුම් දෙනු ලැබුවේ ගෝඨාභය රාජපක්ෂ ප්‍රධානත්වය දැරූ පෙර පැවති අමාත්‍ය මණ්ඩලයේ සිටි අමාත්‍යවරුන් වීම විශේෂත්වයක්.

ඒ, පෙර පැවති අමාත්‍ය මණ්ඩලය යටතේ ම ආණ්ඩුව පවත්වාගෙන යාමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ ගත් තීරණය යටතේයි.

කෙසේ වෙතත් එම අමාත්‍ය මණ්ඩලයේ විදේශ කටයුතු අමාත්‍යවරයා ලෙස කටයුතු කළ පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස්ට අද (22) දිවුරුම් දුන් කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුරයක් හිමි නොවීම විශේෂත්වයක්.

ඒ, අනුව මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් කටයුතු කළ විදේශ කටයුතු අමාත්‍ය ධුරයේ අලි සබ්රි අද දිවුරුම් දෙනු ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
10
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?