ජීවිත 11ක් අහිමි වූ බැංගලෝරයේ සිද්ධියට විරාත් කෝලිට එරෙහිව පැමිණිල්ලක්

ජුනි 04 වනදා බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණය අසල සිදුවූ තෙරපීම හේතුවෙන් පුද්ගලයින් 11 දෙනෙකු මිය ගොස් තවත් විශාල සංඛ්‍යාවකට තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් ක්‍රිකට් ක්‍රීඩක විරාත් කෝලිට එරෙහිව පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා.

සමාජ ක්‍රියාකාරිකයෙකු වන එච්.එම්. වෙන්කටේෂ් විසින් කබ්බන් පාර්ක් පොලිස් ස්ථානයට ඉදිරිපත් කරන ලද පැමිණිල්ලේ, කෝලි, අයි.පී.එල්. හරහා සූදුව ප්‍රවර්ධනය කිරීම සහ ඛේදවාචකයට සම්බන්ධ පිරිස උසිගැන්වීම සම්බන්ධයෙන් යන චෝදනා එල්ල කර ඇති බව සඳහන්.

මෙම ඛේදවාචක සම්බන්ධයෙන් බැංගලෝර් අධිකරණය ඊයේ (06) රෝයල් චැලෙන්ජස් බැංගලෝර් නිලධාරී නිඛිල් සොසාලේ සහ ඉසව් කළමනාකරුවන් තිදෙනෙකු ඇතුළු පුද්ගලයින් සිව්දෙනෙකු අධිකරණ භාරයට පත් කර තිබෙනවා.

මේ අතර කර්ණාටක ප්‍රාන්ත ක්‍රිකට් සංගමයේ (KSCA) නිලධාරීන්ට අතුරු සහනයක් ලබා දුන් කර්ණාටක මහාධිකරණය, ඔවුන්ට එරෙහිව බලහත්කාර ක්‍රියාමාර්ග නොගන්නා ලෙස පොලිසියට නියෝග කරමින් නඩුව ජුනි 09 වන දිනට කල් දැමීමට නියෝග කළා.

ජූනි 05 වන දින, බැංගලෝර් පොලිසිය රෝයල් චැලෙන්ජස් බැංගලෝර් ෆ්‍රැන්චයිස්, DNA එන්ටර්ටේන්මන්ට් පුද්ගලික සමාගමට එරෙහිව සාපරාධී මිනීමැරුම් සහ නීති විරෝධී රැස්වීම් ඇතුළු චෝදනා යටතේ නඩු පවරනු ලැබුවා.

නොසැලකිලිමත්කම පිළිබඳ මූලික සාක්ෂි උපුටා දක්වමින් කර්ණාටක මහ ඇමති සිද්ධරාමයියා මීට පෙර වගකිවයුත්තන් අත්අඩංගුවට ගැනීමට නියෝග කර තිබුණා.

මේ අතර මෙම අවාසනාවන්ත සිද්ධියෙන් පසු බැංගලෝර් පොලිස් කොමසාරිස් බී.දයානන්ද ඇතුළු ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකුගේ වැඩ තහනම් කරනු ලැබුවා.

2025 අයි.පී.එල් ශූරතාව රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම හිමිකර ගැනීමත් සමඟ කණ්ඩායම පිළිගනිම වෙනුවෙන් බැංගලෝරයේ චින්නස්වාමි ක්‍රීඩාංගණයේ උත්සවයක් සංවිධානය කර තිබුණා.

එම උත්සවය වෙනුවෙන් ප්‍රේක්ෂකයින් චින්නස්වාමි ක්‍රීඩාංගණයට ඇතුල්වීමට උත්සාහා කිරීමේ දී ඇති වූ තෙරපීම්වලින් 11 දෙනෙකු මියගොස් තවත් විශාල පිරිසක් තුවාල ලැබුවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
2
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08