Empty Ad
AFC Banner
Empty Ad

ජීවිත තුනක් එක්ක කැබ් රථයක් බණ්ඩාරවෙල දී ප්‍රපාතයකට පෙරළෙයි

බණ්ඩාරවෙල – දියතලාව මාර්ගයේ අඹතැන්නවත්ත ප්‍රදේශයේ දී කැබ් රථයක් අනතුරට ලක්වීමෙන් පුද්ගලයින් තිදෙනෙක් තුවාල ලබා තිබෙනවා.

කැබ් රථය දියතලාව මාර්ගයේ අසල නවතා තිබිය දී පස් කණ්ඩියක් කඩාගෙන අඩි 200ක් පමණ ප්‍රපාතයකට පෙරළී ගොස් අද (05) පස්වරුවේ මෙම අනතුර සිදුව තිබෙනවා.

අනතුරින් තුවාල ලැබූ තිදෙනා දියතලාව රෝහලට ඇතුළත් කර ඇති බවයි අප වාර්තාකරු සඳහන් කළේ.

තුවාල ලැබූ පුද්ගලයින් තිදෙනා බණ්ඩාරවෙල, ඇත්තලපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන්ගේ තත්ත්වය බරපතළ බවයි වාර්තා වන්නේ.

මොවුන් කැබ් රථයෙන් බණ්ඩාරවෙල නගරයට පැමිණ කැබ් රථය බණ්ඩාරවෙල – දියතලාව මාර්ගයේ නවතාගෙන සිටිය දී මෙම අනතුරට මුහුණ පා ඇති බවයි අනාවරණය වී ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
0
+1
0
+1
0
+1
2
+1
1
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !
අපගේ නවතම වීඩියෝ පුවත්

?