ජීවන බර අඩු කිරීමට රනිල්ගෙන් සහන වැඩපිළිවෙළක්

ආර්ථික අර්බුදය හමුවේ ජීවන වියදම දරා ගත නොහැකි තත්ත්වයකට පත්ව සිටින ජනතාවගේ ජීවන බර අඩු කිරීම සදහා සහන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී වැඩබලන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

එහිදී ඉන්ධන,ගෑස් සහ අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබීම හේතුවෙන් ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා කඩිනම් සහන වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කළ බව වැඩබලන ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

මෙම සහන වැඩපිළිවෙළට අමතරව ලබන අගෝස්තු මාසයේ දී ඉදිරිපත් කරන සහන අයවැයෙන් ද ජීවන බර අඩු කරන සහන සැලසීමට අතිරේක මුදල් යෙදවීමට ද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජනතාවට ඉන්ධන සහ පොහොර ක්‍රමවත්ව, කඩිනමින් ලබාදෙන ක්‍රමවේදයක් සැකසීම සම්බන්ධයෙන් ද වැඩබලන ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
92
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?