spot_img
spot_img
spot_img
AFC Banner
Empty Ad
Empty Ad

ජීවන බර අඩු කිරීමට රනිල්ගෙන් සහන වැඩපිළිවෙළක්

ආර්ථික අර්බුදය හමුවේ ජීවන වියදම දරා ගත නොහැකි තත්ත්වයකට පත්ව සිටින ජනතාවගේ ජීවන බර අඩු කිරීම සදහා සහන වැඩපිළිවෙළක් ආරම්භ කිරීමට වැඩබලන ජනාධිපති රනිල් වික්‍රමසිංහ තීරණය කර තිබෙනවා.

අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සමඟ පැවති සාකච්ඡාවක දී වැඩබලන ජනාධිපතිවරයා මේ බව ප්‍රකාශ කර ඇති බවයි දේශපාලන ආරංචි මාර්ග සඳහන් කළේ.

එහිදී ඉන්ධන,ගෑස් සහ අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය මිල ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබීම හේතුවෙන් ජනතාවගේ ජීවන බර අඩු කිරීම සඳහා කඩිනම් සහන වැඩසටහනක් ආරම්භ කිරීමට තීරණය කළ බව වැඩබලන ජනාධිපතිවරයා වැඩි දුරටත් සඳහන් කර තිබෙනවා.

මෙම සහන වැඩපිළිවෙළට අමතරව ලබන අගෝස්තු මාසයේ දී ඉදිරිපත් කරන සහන අයවැයෙන් ද ජීවන බර අඩු කරන සහන සැලසීමට අතිරේක මුදල් යෙදවීමට ද තීරණය කර ඇති බවයි වාර්තා වන්නේ.

මේ අතර ජනතාවට ඉන්ධන සහ පොහොර ක්‍රමවත්ව, කඩිනමින් ලබාදෙන ක්‍රමවේදයක් සැකසීම සම්බන්ධයෙන් ද වැඩබලන ජනාධිපතිවරයාගේ අවධානය යොමුව තිබෙනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
92
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?