ජීවන බරින් තෙරපෙන මිනිසුන්ට පන්න පන්නා අවම බලය භාවිතා කරන ශ්‍රී ලංකා පොලීසිය

රඹුක්කන සිදුවීමෙන් එක් ජීවිතයක් මේ වනවිටත් අහිමිවී හමාරය.

තවත් 12 දෙනෙකු රෝහල් ගතව ප්‍රතිකාර ලබමින් පසුවන බවයි රෝහල් ආරංචි මාර්ග පැවසුවේ.

අද උදෑසන සිට රඹුක්කන ජනතාව මාර්ගය හරස් කරමින් විරෝධතාවක නිරත වුණේ ඊයේ ඉන්ධන මිල ඉහළ දැමීමත් සමගයි.

කෙසේ වෙතත් සවස් වනවිට ඇතිවූ උණුසුම් තත්ත්වය පාලනය කිරීමට පොලිසිය විසින් කඳුළු ගෑස්ද එල්ල කර තිබුණා.
අවසානයේ පොලිසිය විසින් වෙඩි තැබීම්ද සිදුකර තිබුණා..

පොලිසිය විසින් විරෝධතාකරුවන්ට එළව එළවා වෙඩි තබන දර්ශනද මේ වනවිට සමාජ මාධ්‍ය හරහා හුවමාරු වෙමින් තිබෙනවා.

එලෙස එළව එළවා වෙඩි තැබීම අවම බලය යෙදීමක්ද..?

කාගේ අණ අනුව මේවා ක්‍රියාත්මක කරනවාද..?

ජීවන බරින් මිරිකී සිටින මිනිසුන්ගේ ඉල්ලීම් හමුවේ පොලිසිය මේ ලෙසින් නිතිය අවනීතිය කිරීම බලධාරීන්ට නොපෙනෙන්නේද..?

වැටත් නියරත් ගොයම් කානම් කාට පවසම් මේ අවනඩුව යනුවෙන් අපට පැවසීමට හැක්කේ මෙවැනි සිදුවීම්වලට බව සිහිපත් කළ යුතුය.

පොලිස්පතිවරයා මෙම සිදුවීම සාධාරණීකරණය කරන්නේ කෙසේද යන්න අපි බලා සිටිමු.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
විදෙස් කාන්තාවක් එළොව යැවූ පැරා මෝටර් යන්ත්‍ර අනතුර
01:23
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු
01:43
Video thumbnail
රුවන්වැලි මහා සෑයේ, දරුවන් වෙනුවෙන් කළ මහා පිංකම
00:52
Video thumbnail
මහ රෑ ගම්පොළ සලිත කළ ඛේදවාචකය
00:48
Video thumbnail
මාතර ගින්නෙන් බේරාගත් බඩු මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:23
Video thumbnail
මාතර වෙළෙඳසැලේ ගින්නෙන් බේරාගත් බඩු කට්ටිය මලුවල දාගෙන රැගෙන යන අයුරු
00:45
Video thumbnail
දැඩි ආරක්ෂාව මැද දෙවිනුවර අවසන් රන්දෝලි පෙරහැර ගමන් කළ අයුරු - විශාල සෙනඟක් පැමිණ ඇති අයුරු
04:37
Video thumbnail
නාමල් රාජපක්ෂ අවුරුදු 20කට හිරේ ?නාමල්ගේ මාස්ටර් ප්ලෑන් එක නාමල් හෙළිකරයි
00:52
Video thumbnail
තරුණයෙක්ට ගෙදරටම ඇවිත් බිම දාගෙන ප#ර දීලා - "මගේ දරුවොත් පැහැරගෙන ගියා"
02:00
Video thumbnail
ගෝඨාභයට කෝල් ගත්ත පුද්ගලයගේ කෙරුවාව එළියට - ගෝඨාභයගේ මයිල් ගහකටවත් නොවටින කෙනෙක්
02:13