AFC Banner
Empty Ad
Empty Ad

ජීවන් තොණ්ඩමන්ව අත්අඩංගුවට ගැනීමට නියෝගයක් (වීඩියෝ)

ලංකා කම්කරු කොංග්‍රසයේ මහ ලේකම් සහ වතු යටිතල පහසුකම් හා ජල ප්‍රවාහන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් ඇතුළු සැකකරුවන් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට නුවරඑළිය වැඩ බලන මහෙස්ත්‍රාත් ජයමිනී අඹගහවත්ත විසින් නුවරඑළිය පොලිසියට නියෝග කර තිබෙනවා.

පසුගිය මැයි 30 වන දින අමාත්‍ය ජීවන් තොන්ඩමන් ලංකා කම්කරු කොන්ග්‍රසයේ ආධාරකරුවන් පිරිසක් කැලණි වැලි සමාගම යටතේ පාලනය වන නුවරඑළිය පීඩෘ තේ කර්මාන්ත ශාලාවට බලහත්කාරයෙන් ඇතුළුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය විසින් නුවරඑළිය මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (22) දින කරුණු වාර්තා කළ අවස්ථාවේ මහේස්ත්‍රාත්වරයා විසින් එම නියෝගය නිකුත් කර ඇති බවයි වාර්තා වුණේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
7
+1
1
+1
5
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?