ජිප් රථයක් සොරකම් කළ 4ක් අල්ලයි

මීගමුව, කුරණ ප්‍රදේශයේ වාහන අලෙවිසැලකින් රුපියල් මිලියන 40ක් වටිනා SUV රථයක් සොරකම් කිරීමේ චෝදනාව මත තරුණයින් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය අඟහරුවාදා (28) මෙම සොරකම සිදු වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන් කටාන කඳවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18ත් 20ත් අතර වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් අතර එම මෝටර් රථ අලෙවි නියෝජිත ආයතනයේ සේවය කරන 19 හැවිරිදි තරුණයෙකු ද වන අතර ඔහු ද එම මෝටර් රථය සොරකම් කිරීමට සහය වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් අඟහරුවාදා පස්වරු 06.30ත් රාත්‍රී 10.15ත් අතර කාලය තුළ මෙම මෝටර් රථය සොරකම් කර තිබෙනවා.

මෙම පිරිස කොච්චිකඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ SUV රථය සොරකම් කර මෝටර් රථ අලෙවිසැලෙන් පලා යමින් සිටියදී අනතුරකට ලක්වීමෙන් අනතුරුවයි.

එම අනතුර හේතුවෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පහසු වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?