ජිප් රථයක් සොරකම් කළ 4ක් අල්ලයි

මීගමුව, කුරණ ප්‍රදේශයේ වාහන අලෙවිසැලකින් රුපියල් මිලියන 40ක් වටිනා SUV රථයක් සොරකම් කිරීමේ චෝදනාව මත තරුණයින් 4 දෙනෙකු පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

පසුගිය අඟහරුවාදා (28) මෙම සොරකම සිදු වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

සැකකරුවන් කටාන කඳවල ප්‍රදේශයේ පදිංචි අවුරුදු 18ත් 20ත් අතර වයස්වල පසුවන්නන් බවයි පොලිසිය සඳහන් කළේ.

සැකකරුවන් අතර එම මෝටර් රථ අලෙවි නියෝජිත ආයතනයේ සේවය කරන 19 හැවිරිදි තරුණයෙකු ද වන අතර ඔහු ද එම මෝටර් රථය සොරකම් කිරීමට සහය වී ඇති බවටයි අනාවරණ වී ඇත්තේ.

ඔවුන් අඟහරුවාදා පස්වරු 06.30ත් රාත්‍රී 10.15ත් අතර කාලය තුළ මෙම මෝටර් රථය සොරකම් කර තිබෙනවා.

මෙම පිරිස කොච්චිකඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත්තේ SUV රථය සොරකම් කර මෝටර් රථ අලෙවිසැලෙන් පලා යමින් සිටියදී අනතුරකට ලක්වීමෙන් අනතුරුවයි.

එම අනතුර හේතුවෙන් සැකකරුවන් අත්අඩංගුවට ගැනීම පහසු වී ඇති බවයි පොලිසිය ප්‍රකාශ කර ඇත්තේ.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අධිකරණ ඇමතිගෙන් රැඳවියන්ගේ ඥාතීන්ට පණිවිඩයක් - ඉතා ඉක්මනින් රස පරීක්ෂණ වාර්තා දෙනවා
04:27
Video thumbnail
පල්ලන්සේන බන්ධනාගාරය ඥාතීන් ඇවිත් උණුසුම් තත්ත්වයක් - හිඟාකන්නද කියන්නේ ?එකෙක්වත් යන්න එපා
05:24
Video thumbnail
ගැම්මට අධිකරණයට පැමිණි චින මල්ලිට වෙච්ච දේ බලන්නකෝ - මොකක්ද ඒ බිමට වැටුණේ ?
01:19
Video thumbnail
ශිරාණි බණ්ඩාරනායක ගෙදර යවලා අවුරුදු දෙකෙන් මහින්ද ගෙදර ගියා - ග#න ගැ#ල්ලට ඉඩ දෙන්න එපා
15:40
Video thumbnail
පොහොට්ටුවේ මීනු ආණ්ඩුවට රිදෙන්න දෙයි - එක සද්දයයි ආවේ පාතාලයට බයවුණා
05:22
Video thumbnail
ටිල්වින් කිව්ව අමුතු කතාව - සදා මිස් මට වැඩිය කතා කරන්නේ නෑ..මැසේජ් තමයි එවන්නේ
04:41
Video thumbnail
අභියාචනාධිකරණ 9ක් කරන්න හදන්නේ - මේ රාජ්‍ය ඉවරයි - මම කැමති නෑ ඒකට
07:24
Video thumbnail
ඉස්සර හොරකම් කරපු හොරු වගේම දැන් හොරකම් කරපු හොරුත් ඉන්නවනේ - දැන් දාන්නේ පැලැස්තර..
14:52
Video thumbnail
පොලිසියට වෙට්ටු දදා තරගෙට බයික් එකේ ගිය තරුණයා
00:37
Video thumbnail
මීගමුව ගැටුමට සම්බන්ධන සෙට් එක නැවත් බන්ධනාගාරයට
01:49