අග්බෝ ඇතා සැරිසැරූ මිහින්තලේ, නොච්චිකුලම ප්රදේශයේ බඩ ඉරිඟු වගාවක් ආසන්නව, නීතිවිරෝධී ලෙස සවිකර තිබූ බඳින තුවක්කුවක් වනජීවී නිලධාරීන් විසින් සොයාගෙන අක්රීයකර තිබෙනවා.
අදාළ බඳින තුවක්කුව ඇටවූ බව කියන සැකකරුවෙක් ද ඊයේ (08) දින තිරප්පනේ වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇති බවයි වාර්තා වුණේ.
තිරප්පනේ වනජීවී කාර්යාලයේ නිලධාරීන් විසින් අග්බෝ ඇතා නිරීක්ෂණය සහ ආරක්ෂා කිරීම සඳහා පසුගිය සෙනසුරාදා දින සිදුකරන ලද මුර සංචාරයක දී මෙම බඳින තුවක්කුව සොයාගෙන තිබෙනවා.
වනජීවී නිලධාරීන්ට සැකකරුගෙන් කළ ප්රශ්න කිරීමේදී අලි ඇතුන් ඉලක්ක කර ගැනීම සඳහා අඩි පහක් පමණ උසකින් උගුල් තුවක්කුව සවි කළ බව පිළිගෙන තිබෙනවා.
සැකකරු සහ අත්අඩංගුවට ගත් උපකරණ අද (09) දින අනුරාධපුර මහේස්ත්රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.
වනජීවී නිලධාරීන් පැවසුවේ අග්බෝ ඇතා ආරක්ෂා කිරීම අරමුණු කරගත් මුර සංචාර අතරතුර අග්බෝ අසල උගුල් තුවක්කුවක් සොයාගත් දෙවන අවස්ථාව මෙය බවයි.
