ජින්තුපිටිය වෙඩි තැබීමේ සිද්ධියට සැකපිට අත්අඩංගුවට ගත් පොලිස් නිලධාරීන් දෙදෙනාට ඇප

ජින්තුපිටිය ප්‍රදේශයේ දී පසුගිය (14) වනදා සිදුවූ වෙඩි තැබීමේ සිද්ධිය වළක්වා ගැනීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගැනුණු පොලිස් සැරයන්වරයා හා කොස්තාපල්වරයා අද (17) කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කළා.

එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම පොලිස් නිලධාරීන් දෙදෙනා එක් සැකකරුවකුට ලක්ෂ 03 බැගින් වු ශරිර ඇපයක් මත මුදා හරින ලෙසයි නියම කළේ.

සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් අතිරේක මහේස්ත්‍රාත්වරයා සඳහන් කර සිටියේ, පොලිස් දෙපාර්තමේන්තුවේ කීර්ති නාමය ආරක්ෂා කිරීමටත් සෙසු නිලධාරීන්ට ආදර්ශයක් ලබා දීමටත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස විමර්ශන නිලධාරින් ඉල්ලා සිටිය ද එය ඇප පනතේ ප්‍රතිපාදන අනුව ප්‍රතික්‍ෂේප කරන බව පවසමින් සැකකරුවන්ට එලෙස ඇප ලබාදෙන බවයි.

මෙලෙස ඇප මත මුදා හරිනු ලැබුවේ අදුරුප්පුවීදිය පොලිස් ස්ථානයට අනුයුක්තව රාජකාරී කරන පොලිස් නිලධාරීන් දෙදෙනෙක්.

වෙඩි තැබීම සිදු වූ අවස්ථාවේ රාජකාරි පැහැර හැරීම සම්බන්ධයෙන් මෙම නිලධාරීන් දෙදෙනා මෝදර අපරාධ විමර්ශන කොට්ඨාශය විසින් අත්අඩංගුවට ගෙන තිබුණා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
2
+1
2
+1
1
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !