ජින්තුපිටියේ වෙඩි තැබීමට කාන්තවක් සමඟ දෙදෙනෙක් අල්ලයි – දින 07ක රැඳවුම් නියෝග ගන්න සැරසෙයි

පසුගිය 14 වන දින වෙරළබඩ පොලිස් වසමේ ජින්තුපිටිය ප්‍රදේශයේ පිහිටි රූපලාවන්‍යාගාරයක් තුළ වෙඩි තබා පුද්ගලය ඝාතනයක් සිදුකර තවත් පුද්ගලයින් 04 දෙනෙකුට තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවෙකු හා සැකකාරියක් අත්අඩංගුවට ගෙන තිබෙනවා.

අපරාධය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් විසින් ඊයේ (27) මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇති බවයි පොලිසිය සඳහන් කළේ.

ඊයේ (27) කඩවත, සුරියපාළුව ප්‍රදේශයේදී හා වැල්ලම්පිටිය, වෙහෙරගොඩැල්ල ප්‍රදේශයේදී කොළඹ උතුර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 06 මිලිග්‍රෑම් 540 ක් සමඟ සැකකරුවෙකු හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 03 මිලිග්‍රෑම් 100 ක් සමඟ සැකකාරියක් අත්අඩංගුවට ගෙන වෙරළබඩ පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර තිබෙනවා.

සැකකරු අවුරුදු 44ක් හා සැකකාරිය අවුරුදු 29ක් වන සේදවත්ත හා වෙහෙරගොඩැල්ල ප්‍රදේශවල පදිංචිකරුවන් බවයි වාර්තා වුණේ.

මෙම සැකකරු අපරාධයෙන් පසු වෙඩික්කරු ගිනි අවිය ද රැගෙන පලාගිය ත්‍රීරෝද රථයේ රියැදුරු බවත්, සැකකාරිය මොහුට සහාය දක්වා ඇති බවත් වැඩිදුර විමර්ශනයේදී අනාවරණය වී තිබෙනවා.

සැකකරු හා සැකකාරියට දින 07 ක රැඳවුම් නියෝග ලබාගැනීමට නියමිතව ඇති අතර,වෙරළබඩ පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !