ජැක්සන්ගේ සොහොයුරාත් මියයයි

ලොව ජනප්‍රිය පොප් ගායකයෙකු වූ ටිටෝ ජැක්සන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අමෙරිකානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ ටිටෝ ජැක්සන් යනු ‘ජැක්සන් 5’ පොප් සංගීත කණ්ඩායමේ සිටි මුල් පෙළ සාමාජිකයෙකු බවයි.

ටිටෝ ජැක්සන් යනු මීට වසර කිහිපයකට පෙර මියගිය ලොවක් ආදරය කරන මයිකල් ජැක්සන්ගේ සහෝදරයෙකු බවත් සඳහන්.

ටිටෝ ජැක්සන් මියයන විට 70 හැවිරිදි වියෙහු පසුවුණා.

ටිටෝගේ අභාවයට නිල හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති බව ද බීබීසී පුවත් සේවය පවසනවා.

2009 දී අභාවප්‍රාප්ත වූ මයිකල් ජැක්සන් සිය සහෝදර ටිටෝ ජැක්සන්, ජැකී ජැක්සන්, ජර්මේන්, මාලන් යන සහෝදරයින් සමග එකට ගත් ඡායාරූපයක් ද විදෙස් මාධ්‍ය මුදා හැර තිබෙනවා.

ජැක්සන්ගේ දිගුකාලීන මිතුරෙකු සහ හිටපු ජැක්සන් පවුලේ කළමනාකරුවෙකු වන ස්ටීව් මැනිං, ටිටෝ ජැක්සන්ගේ මියයාම නිල වශයෙන් තහවුරු කර ඇති බවත් වාර්තා වනවා.

ටිටෝගේ පුතුන් වන Taj හා Taryll විසින් ද සිය පියාගේ අභාවය සම්බන්ධයෙන් නිල සටහන් තබා තිබෙනවා.

“අපි කම්පනයට, ශෝකයට සහ හද කම්පාවට පත්ව සිටිමු. “අපේ පියා සෑම කෙනෙකුම සහ ඔවුන්ගේ යහපැවැත්ම ගැන සැලකිලිමත් වූ ඇදහිය නොහැකි මිනිසෙකි.” යනුවෙන් එහි සඳහන්.

තවදුරටත් එහි දැක්වෙන්නේ;

“කරුණාකර මතක තබාගන්න අපේ තාත්තා නිතරම පැවසුවේ; කරන දේ කරන්න, ඒ තමයි ‘එකිනෙකාට ආදරය කරන්න’. අපි ඔබට ආදරෙයි පොප්.” යනුවෙන්.

ජැක්සන් 5 හි ජනප්‍රිය ගීතවලට ABC, The Love You Save සහ I Want You Back ඇතුළත්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
7
+1
1
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
බස්වලට නැගලා සද්දේ දාන සිඟිති පාතාලේ - මූණ කු#ඩුවෙන්න දෙන්නේ
01:55
Video thumbnail
රනිල් බුද්ධ ශාසන ඇමතිව අගය කරයි
04:54
Video thumbnail
රනිල් - මහින්ද - මෛත්‍රී - ගෝඨා එකට රැස්වෙයි
02:15
Video thumbnail
ශ්‍රී මහ බෝධියට ජන ගඟක් ගලාගෙන එයි
01:15
Video thumbnail
බෙල්ලන්විල රජමහ විහාරය සිල් සුවඳින් පිරී යයි
01:08
Video thumbnail
'ස්ට්‍රෙන්ත් ඇන්ඩ් හාමනි' සම්මානය දිනා හංසනා දිවයිනට
00:44
Video thumbnail
දෙල්ගොඩ කර්මාන්ත ශාලාවක ලොකු ගින්නක්
02:46
Video thumbnail
ප්‍රබලයින්ගේ වීඩියෝ සෙට් එකක්ම ලීක් වෙයි ? නාමල් රාජපක්ෂ මේක කිව්වට ඒ කාලේ උත්තර දුන්නේ නෑ
10:46
Video thumbnail
අපිට සල්ලි වෙලාවට ලැබිලා තියෙනවා..ඕවා කට කතා..මැටි ගෙයක් වෙනුවට දැන් තට්ටු දෙකේ ගෙයක්
04:50
Video thumbnail
සජිත්ට දේදුන්න පෙන්නන්න එපා..දැක්ක ගමන් පොරට සමලිංගික නැමියාවක් එනවා
19:37


?