ජැක්සන්ගේ සොහොයුරාත් මියයයි

ලොව ජනප්‍රිය පොප් ගායකයෙකු වූ ටිටෝ ජැක්සන් ජීවිතක්ෂයට පත් ව තිබෙනවා.

අමෙරිකානු මාධ්‍ය වාර්තා කර ඇත්තේ ටිටෝ ජැක්සන් යනු ‘ජැක්සන් 5’ පොප් සංගීත කණ්ඩායමේ සිටි මුල් පෙළ සාමාජිකයෙකු බවයි.

ටිටෝ ජැක්සන් යනු මීට වසර කිහිපයකට පෙර මියගිය ලොවක් ආදරය කරන මයිකල් ජැක්සන්ගේ සහෝදරයෙකු බවත් සඳහන්.

ටිටෝ ජැක්සන් මියයන විට 70 හැවිරිදි වියෙහු පසුවුණා.

ටිටෝගේ අභාවයට නිල හේතුවක් මෙතෙක් අනාවරණය වී නොමැති බව ද බීබීසී පුවත් සේවය පවසනවා.

2009 දී අභාවප්‍රාප්ත වූ මයිකල් ජැක්සන් සිය සහෝදර ටිටෝ ජැක්සන්, ජැකී ජැක්සන්, ජර්මේන්, මාලන් යන සහෝදරයින් සමග එකට ගත් ඡායාරූපයක් ද විදෙස් මාධ්‍ය මුදා හැර තිබෙනවා.

ජැක්සන්ගේ දිගුකාලීන මිතුරෙකු සහ හිටපු ජැක්සන් පවුලේ කළමනාකරුවෙකු වන ස්ටීව් මැනිං, ටිටෝ ජැක්සන්ගේ මියයාම නිල වශයෙන් තහවුරු කර ඇති බවත් වාර්තා වනවා.

ටිටෝගේ පුතුන් වන Taj හා Taryll විසින් ද සිය පියාගේ අභාවය සම්බන්ධයෙන් නිල සටහන් තබා තිබෙනවා.

“අපි කම්පනයට, ශෝකයට සහ හද කම්පාවට පත්ව සිටිමු. “අපේ පියා සෑම කෙනෙකුම සහ ඔවුන්ගේ යහපැවැත්ම ගැන සැලකිලිමත් වූ ඇදහිය නොහැකි මිනිසෙකි.” යනුවෙන් එහි සඳහන්.

තවදුරටත් එහි දැක්වෙන්නේ;

“කරුණාකර මතක තබාගන්න අපේ තාත්තා නිතරම පැවසුවේ; කරන දේ කරන්න, ඒ තමයි ‘එකිනෙකාට ආදරය කරන්න’. අපි ඔබට ආදරෙයි පොප්.” යනුවෙන්.

ජැක්සන් 5 හි ජනප්‍රිය ගීතවලට ABC, The Love You Save සහ I Want You Back ඇතුළත්.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
අපි මෙට්‍රෝ බස් ගේනකොට සමහර අයට හරිම වේදනයි - පරිවර්තනය කරද්දි කිසියම් විරෝධයක් එන්න පුළුවන්
03:51
Video thumbnail
අධිකරණයට ආ යෝෂිත රාජපක්ෂ
01:11
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්
01:56
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි
01:13
Video thumbnail
කොහොමද ලංගමයේ කෙරුවාව ?
01:44
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය
00:57
Video thumbnail
මලාපවහන පද්ධති උතුරා යාම නිසා ගමක් ඇවිලෙයි
01:45
Video thumbnail
ලොකුද පොඩිද අදාළ නෑ..අපි පපුවෙන් ලොකුයි..ඒක මහා විශාලයි - රට වෙනුවෙන් කළ නොහැකි දෙයක් නෑ අපිට
03:31
Video thumbnail
ඛනිජ තෙල් බෙදුම්කරුවන් CPC සභාපති හමුවීමෙන් පසු හෙළිකල දේ - සාධාරණ නැත්තම් නැවත සාකච්ඡාවකට එනවා
03:30
Video thumbnail
හදිසියේම මහ මඟ ගිනිගත් තුන්සක රිය - දෙවියනේ..ලොකු ගින්නක්
01:14