ජාතික හැඳුනුම්පත සැකසීමේ දී භික්ෂූණීන් වහන්සේලා දැඩි අපහසුතාවයක

ශ්‍රී ලංකාව පුරාම ළමා සුරැකුම් මධ්‍යස්ථාන 379ක් පවත්නා බවත්, ඉන් 47ක් රජයට අයත් ඒවා බවත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පැවසුවා.

අනෙකුත් සියලු ළමා සුරැකුම් මධ්‍යස්ථාන රාජ්‍ය නොවන සංවිධාන හා පෞද්ගලික අංශවල ආධාර මත පවත්වාගෙන යන ඒවා බවයි අමාත්‍යවරිය පෙන්වා දුන්නේ.

එසේම දිවයින පුරා ඇති ළමා සුරැකුම් මධ්‍යස්ථානවල ධාරිතාවය, භෞතික වශයෙන් සහ මානව සම්පත් සංවර්ධනය යන අංශවලින් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 500ක මුදලක් මෙවර අයවැයෙන් වෙන් කොට තිබෙන බවට ද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මේ බව පවසා සිටියේ කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම ඇයගේ සභාපතිත්වයෙන් ඊයේ (21) දින දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී රැස්වීමට සහභාගී වූ නිලධාරීන් පවසා සිටියේ ළමා නිවාස සඳහා දේශීය විදේශීය ආධාර, දෙපාර්තමේන්තුව හරහා විවිධ මාර්ග ඔස්සේ ලැබෙන මුදල් ආධාර සලකා බැලීමේදී එක් දරුවෙකු සඳහා ආසන්න වශයෙන් රුපියල් 30,000ක පමණ මුදලක් වෙන් වන බවයි.

කෙසේ වෙතත් මෙම මුදල එම දරුවන් හට නිසි අයුරින් ලැබෙනවා ද යන්න පිළිබඳව විගණනයක් කිරීමට විධිමත් ක්‍රමවේදයක් නොමැති බව ඔවුහු වැඩි දුරටත් පැවසුවා.

පරිවාස නිලධාරින්ගේ වැටලීම් ඔස්සේ ඇතැම් ළමා සුරැකුම් මධ්‍යස්ථාන මේ වන විට වසා දමා ඇති බවත්, මෙම ළමා සුරැකුම් මධ්‍යස්ථාන තුළ දරුවන්ට විවිධ අකටයුතුකම් සිදුවන බවටත් මන්ත්‍රීවරුන් විසින් මෙහිදී කරුණු ඉදිරිපත් කළා.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසා සිටියේ ළමා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය කිරීමේ ක්‍රමවේදයක් සැකසීමට වැඩපිළිවෙලක් සකස් කරන බවයි.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය මුදල් උපයන අමාත්‍යාංශයක් නොවන බවත්, මෙම අමාත්‍යාංශය ප්‍රධාන වශයෙන්ම ග්‍රාමීය සහ ආර්ථිකමය වශයෙන් සමාජ සුභසාධනය ඉහළට ඔසවා තබන්නට දායක වන අමාත්‍යාංශයක් බවත් අමාත්‍යවරිය පෙන්වා දුන්නා.

එබැවින් ඊට වෙන් වන සියලුම මුදල් සහ ප්‍රතිපාදන සමාජ සුභසාධනය වෙනුවෙන් හැකි උපරිම අයුරෙන් යොදා ගනිමින් ජනතාවට යහපතක් කිරීම ප්‍රධාන වගකීම කරගත යුතු බව ඇය අවධාරණය කළා.

ජාතික හැඳුනුම්පත සකස් කිරීමේ දී පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් භික්ෂූණීන් වහන්සේලා දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත්, එම ගැටලු කඩිනමින් විසඳා ගැනීම සඳහා යම් ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවත් මෙම කාරක සභාවේ අවධානය යොමු වුණා.

තවද, සුපිරි වෙළඳසල් අසල සිඟමනේ යෙදෙන දරුවන් සහ විවිධ වෙළඳාම් කටයුතු සඳහා පාසල් යන දරුවන් යොදාගැනීම පිළිබදව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී මන්ත්‍රීවරයන් විසින් ප්‍රශ්න නැඟුවා.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නියෝජනය කරමින් සහභාගී වූ නිලධාරීන් පවසා සිටියේ මේ සම්බන්ධයෙන් පවත්නා නීති ප්‍රමාණවත් වුව ද එම නීති බලාත්මක කිරීමේ යාන්ත්‍රණයේ ප්‍රයෝගික ගැටලු රැසක් පවතින බවයි.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
1
+1
1
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
සුජීව පාර්ලිමේන්තුවේ වීඩියෝවක් ලීක්කරයි.."ආණ්ඩුවට කිසි අත්දැකීමක් නෑ..විපක්ෂය ගණන් ගන්නෙවත් නෑ"
09:39
Video thumbnail
"වාරිමාර්ග ඇමති බයිලා ග#න්නේ නැතුව ඉල්ලා අස්වෙන්න.."චාමර සභාවේ ලෙසටම ෆයර්වෙයි
09:24
Video thumbnail
මෙන්න හදිසියේම වෙනස්වන කාලගුණයේ උඩු යටිකුරුවෙන වෙනස..
04:02
Video thumbnail
ගම්මන්පිල ජනපතිට නඩු දාන්න සැරසෙයි..නඩු දස ලක්ෂයට මුහුණ දෙනවද? තමන්ට පුළුවන් දේ කරනවද?
11:01
Video thumbnail
අර්චුනා ඩයස්පෝරාව ගැන කියලා පාර්ලිමේන්තුවේ රත්වෙයි..චික්..! පාර්ලිමේන්තුවට එන්න මට හි#කිතයි
03:13
Video thumbnail
තමුන්ලගේ ජනාධිපති ගැන ලැජ්ජයි බන්..අර්චුනා සභාවේ ලෙසටම ෆයර්වෙයි
03:53
Video thumbnail
"මේ වරදට ජනාධිපතිව වසර 5ක් දක්වා හිරේට දාන්න පුළුවන්" ගම්මන්පිලගෙන් ප්‍රබල හෙළිදරව්වක්
13:29
Video thumbnail
ගංවතුර ආපදාව නිසා මි#ගිය සතුන්ගේ මස් මාංශ වෙළෙඳපොලට ඇවිත්?..මෙන්න රටම දෙදරා යන හෙළිදරව්වක්
05:45
Video thumbnail
සජිත් කළින්ම කිව්වනේ රටට මේ වගේ විපතක් වෙනවා කියලා..වටගල හදන්නේ හැමෝගෙම කටවල් වහන්න
03:43
Video thumbnail
රතු කට්ට පැන්න චානක හතර වටේටම දෙසයි..මගේ කැබ් එකේ සල්ලි ඔක්කොම සෞඛ්‍ය අමාත්‍යංශයට දෙන්න..
11:45


?