ජාතික හැඳුනුම්පත සැකසීමේ දී භික්ෂූණීන් වහන්සේලා දැඩි අපහසුතාවයක

ශ්‍රී ලංකාව පුරාම ළමා සුරැකුම් මධ්‍යස්ථාන 379ක් පවත්නා බවත්, ඉන් 47ක් රජයට අයත් ඒවා බවත් කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පැවසුවා.

අනෙකුත් සියලු ළමා සුරැකුම් මධ්‍යස්ථාන රාජ්‍ය නොවන සංවිධාන හා පෞද්ගලික අංශවල ආධාර මත පවත්වාගෙන යන ඒවා බවයි අමාත්‍යවරිය පෙන්වා දුන්නේ.

එසේම දිවයින පුරා ඇති ළමා සුරැකුම් මධ්‍යස්ථානවල ධාරිතාවය, භෞතික වශයෙන් සහ මානව සම්පත් සංවර්ධනය යන අංශවලින් වැඩිදියුණු කිරීමට රුපියල් මිලියන 500ක මුදලක් මෙවර අයවැයෙන් වෙන් කොට තිබෙන බවට ද කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යවරිය වැඩිදුරටත් සඳහන් කළා.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් මේ බව පවසා සිටියේ කාන්තා සහ ළමා කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම ඇයගේ සභාපතිත්වයෙන් ඊයේ (21) දින දින පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදීයි.

මෙහිදී රැස්වීමට සහභාගී වූ නිලධාරීන් පවසා සිටියේ ළමා නිවාස සඳහා දේශීය විදේශීය ආධාර, දෙපාර්තමේන්තුව හරහා විවිධ මාර්ග ඔස්සේ ලැබෙන මුදල් ආධාර සලකා බැලීමේදී එක් දරුවෙකු සඳහා ආසන්න වශයෙන් රුපියල් 30,000ක පමණ මුදලක් වෙන් වන බවයි.

කෙසේ වෙතත් මෙම මුදල එම දරුවන් හට නිසි අයුරින් ලැබෙනවා ද යන්න පිළිබඳව විගණනයක් කිරීමට විධිමත් ක්‍රමවේදයක් නොමැති බව ඔවුහු වැඩි දුරටත් පැවසුවා.

පරිවාස නිලධාරින්ගේ වැටලීම් ඔස්සේ ඇතැම් ළමා සුරැකුම් මධ්‍යස්ථාන මේ වන විට වසා දමා ඇති බවත්, මෙම ළමා සුරැකුම් මධ්‍යස්ථාන තුළ දරුවන්ට විවිධ අකටයුතුකම් සිදුවන බවටත් මන්ත්‍රීවරුන් විසින් මෙහිදී කරුණු ඉදිරිපත් කළා.

මෙහිදී අදහස් දක්වමින් අමාත්‍ය සරෝජා සාවිත්‍රි පෝල්රාජ් පවසා සිටියේ ළමා සුරැකුම් මධ්‍යස්ථාන නියාමනය කිරීමේ ක්‍රමවේදයක් සැකසීමට වැඩපිළිවෙලක් සකස් කරන බවයි.

කාන්තා සහ ළමා කටයුතු අමාත්‍යාංශය මුදල් උපයන අමාත්‍යාංශයක් නොවන බවත්, මෙම අමාත්‍යාංශය ප්‍රධාන වශයෙන්ම ග්‍රාමීය සහ ආර්ථිකමය වශයෙන් සමාජ සුභසාධනය ඉහළට ඔසවා තබන්නට දායක වන අමාත්‍යාංශයක් බවත් අමාත්‍යවරිය පෙන්වා දුන්නා.

එබැවින් ඊට වෙන් වන සියලුම මුදල් සහ ප්‍රතිපාදන සමාජ සුභසාධනය වෙනුවෙන් හැකි උපරිම අයුරෙන් යොදා ගනිමින් ජනතාවට යහපතක් කිරීම ප්‍රධාන වගකීම කරගත යුතු බව ඇය අවධාරණය කළා.

ජාතික හැඳුනුම්පත සකස් කිරීමේ දී පවතින ගැටලුකාරී තත්ත්වය හේතුවෙන් භික්ෂූණීන් වහන්සේලා දැඩි අපහසුතාවයට පත්ව ඇති බවත්, එම ගැටලු කඩිනමින් විසඳා ගැනීම සඳහා යම් ක්‍රමවේදයක් සකස් කිරීම පිළිබඳවත් මෙම කාරක සභාවේ අවධානය යොමු වුණා.

තවද, සුපිරි වෙළඳසල් අසල සිඟමනේ යෙදෙන දරුවන් සහ විවිධ වෙළඳාම් කටයුතු සඳහා පාසල් යන දරුවන් යොදාගැනීම පිළිබදව අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ දී මන්ත්‍රීවරයන් විසින් ප්‍රශ්න නැඟුවා.

ජාතික ළමා ආරක්ෂක අධිකාරිය නියෝජනය කරමින් සහභාගී වූ නිලධාරීන් පවසා සිටියේ මේ සම්බන්ධයෙන් පවත්නා නීති ප්‍රමාණවත් වුව ද එම නීති බලාත්මක කිරීමේ යාන්ත්‍රණයේ ප්‍රයෝගික ගැටලු රැසක් පවතින බවයි.



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
නාමල්ගේ ගෝලයෙක් කිව්ව තරුණයා හදිසියේම ලයිව් ඇවිත් කිව්ව දේ - "මං කොහෙද මිනිහෝ මහර - චීනයේ හිටියේ"
05:21
Video thumbnail
ප්‍රා.සභාපතිට කෝල් අරගෙන සජබ මන්ත්‍රීන් හෙළිකරපු දේ - "අනුරගේ හොර ෆයිල් වගේ නෙවෙයි මේවා"
07:29
Video thumbnail
ඔය ඇමතිකම දෙන්න ඕනි පොඩි කොල්ලෙක්ට - පැලවත්තේ ඉදන් ලොරි ටෝක් දෙන්නේ
03:54
Video thumbnail
මාලිමා පාක්ෂිකයින් හූ..කියා ගමෙන් පන්නයි
01:40
Video thumbnail
නව යුද හමුදාපති ගිය පළමු නිල සංචාරය
01:05
Video thumbnail
අධිකරණ ඇමති මහර සිද්ධිය ගැන පළමුවරට මාධ්‍යයට හෙළිකරයි - "මීගමුව සිද්ධියට වඩා වෙනස් දෙයක්"
08:54
Video thumbnail
හිරගෙදරක් පාලනය කරගන්න බැරිව රට පාලනය කරන්නේ කොහොමද ?
09:34
Video thumbnail
අප්පුහාමිලාගේ ගෙවල්වලද අපරාධකාරයෝ රදවන්න කියන්නේ - ආණ්ඩු බලය ගන්න එක සුම්මා
16:13
Video thumbnail
පූජිත්, හේමසිරි විතරක් නෙවෙයි තව වගකිවයුතු අය ඉන්නවා l Patali Champika Ranawaka
02:35
Video thumbnail
සැක කරලා යන මිනිහෙක් එළියට එන්නේ පාතාල සාමාජිකයෙක් වෙලා - ඇමතිගේ කතාව විතරයි
03:18