ජාතික හැඳුනුම්පතක් නොමැති අයට දැනුම්දීමක්

ජාතික හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකි වූ වයස අවුරුදු හතළිහ ඉක්මවා ඇති පුද්ගලයන්ට හැඳුනුම්පත් නිකුත් කිරීමේ කාලය ජුනි මස 30 දක්වා දිර්ඝ කර තිබෙනවා.

එම හැඳුනුම්පත් නිකුත් කිරීම පසුගිය මාර්තු 31 වන දින දක්වා ක්‍රියාත්මක වූ අතර,ප්‍රාදේශීය ලේකම්වරුන්ගෙන් ඉදිරිපත් වූ ඉල්ලීම් සැළකිල්ලට ගෙන මෙම තීරණය ගෙන ඇති බවයි වාර්තා වන්නේ.

උප්පැන්න සහතිකයක් නොමැතිවීම හේතුවෙන් මෙතෙක් හැඳුනුම්පතක් ලබාගැනීමට නොහැකිව ඇති පුද්ගලයින් වෙනුවෙන් මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බවයි පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
6
+1
1
+1
3
+1
2
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?