ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ ගාස්තුවත් අද සිට ඉහළට

ජාතික හැදුනුම්පත් නිකුත් කිරීමේ දී අයකරනු ලබන ගාස්තු සහ සේවාවන් අද (01) සිට ඉහළ දැමීමට තීරණය කළ බව පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව මීට පෙර දැනුම් දී තිබුණා.

ඒ, අනුව පළමුවරට ලියාපදිංචි කර ජාතික හැදුනුම්පතක් නිකුත් කිරීම සඳහා අයකරන ගාස්තුව රුපියල් 200 දක්වා ඉහළ දමා ඇති බවයි වාර්තා වුණේ.

එමෙන්ම හැදුනුම්පතක සංශෝධිත පිටපතක් නිකුත් කිරීම සඳහා අයකරන ගාස්තුව රුපියල් 500ක් දක්වාත් ගාස්තුව ඉහළ දමා තිබෙනවා.

නැති වූ ජාතික හැදුනුම්පතක අනුපිටපතක් නිකුත් කිරීම සඳහා ගාස්තුව රුපියල් 1000ක් දක්වා ඉහළ දමා ඇති අතර, එක්දින සේවය මඟින් ජාතික හැදුනුම්පත් නිකුත් කිරීම සඳහා අයදුම්පත් ගාස්තුවට අමතරව රුපියල් 2,000ක ගාස්තුවක් ද අයකරන බවයි එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ.

1
ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?