ජාතික තීරු බදු ප්‍රතිපත්තිය සංශෝධනයට අනුමැතිය

ශ්‍රී ලංකාව කරගකාරී වෙළෙඳ සහ ආයෝජන කේන්ද්‍ර ස්ථානයක් ලෙස ස්ථාපිත කිරීම පිණිස විනිවිදභාවය සහ පුරෝකථනය කළ හැකි තීරු බදු ක්‍රමයක් ක්‍රියාත්මක කිරීම ඉලක්ක කර ගත් ජාතික තීරු බදු ප්‍රතිපත්තිය සඳහා 2024-06-11 දින පැවැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී තිබෙනවා.

එම ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම සඳහා ජාතික තීරුබදු ප්‍රතිපත්ති කමිටුව ස්ථාපිත කර ඇත්තේ 2025-05-15 දිනයි.

පසුව සිදු කරනු ලැබ ඇති රජයේ ප්‍රතිපත්ති සංශෝධනයන්ට අනුව, ඇතැම් බදු නීති සමඟ අනුකූලතාවය සහතික කිරීම සඳහා සහ අවිනිශ්චිකතා මග හැරවීම සඳහා ජාතික තීරු බදු ප්‍රතිපත්තියේ ඇතැම් විධි විධාන සංශෝධනය කිරීමේ අවශ්‍යතාව ජාතික තීරු බදු ප්‍රතිපත්ති කමිටුව විසින් හඳුනාගනු ලැබ තිබෙනවා.

ඒ, අනුව හඳුනාගනු ලැබ ඇති සංශෝධනයන් මත පදනම්ව ජාතික තීරුබදු ප්‍රතිපත්තිය සංශෝධනය කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාවට අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර ඇති බව සඳහන්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
1
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?