ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (19) දින පාර්ලිමේන්තුවේ දී සිය සහතිකය සටහන් කළා.

ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ හඳුනාගෙන ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයකට අදාළව විසඳුම් ලබා දීම සඳහාත්, දැනට නියාමනය නොවන ප්‍රවාහන ක්ෂේත්‍ර කිහිපයක් නියාමනය කිරීම සඳහාත් 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන කිහිපයක් වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි යාවත්කාලීන කරමින් සංශෝධනය කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත 2025.05.08 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව 2025.06.05 දින පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව මෙම පනත් කෙටුම්පත සමත් වුණා.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් පළ කළ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතා, මෙම පනත සංශෝධනයට පෙර ජාතික ගමනාගමන කොමිසමට නියාමනය කිරීමට හැකිවුයේ අන්තර් පළාත් අතර සිදුකෙරෙන පෞද්ගලික බස්රථ ධාවනය පමණක් බව පැවසුවා.

කෙසේ වෙතත් පාසල් වෑන් රථ, කාර්යාල වෑන් රථ, ත්‍රීරෝද රථ සහ භාණ්ඩ ප්‍රවාහන ආයතන හා මාධ්‍යන් ඇතුළු අනෙකුත් වාහන ද ජාතික ගමනාගමන කොමිසමට නියාමනය කිරීමට හැකියාව ලැබෙන අයුරින් හා ඒ සඳහා අවශ්‍ය නව ආයතන ස්ථාපිත කිරීමට අවසර ලැබෙන පරිදි මෙම පනත සංශෝධනය වී ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

දිගු දුර ගමන් බස් රථ භාවිතා කරනු ලබන අවන්හල් නියාමනය කිරීමටත්, බස්රථවල ප්‍රමිතිය නියාමනය කිරීමටත්, මාර්ග බලපත්‍ර සහිත බස් රථයක් අලෙවි කිරීමේ දී එය මිල දී ගන්න පුද්ගලයාට එහි අයිතිය ලබාගැනීම සඳහා පැවති නීතිමය බාධාවත් සංශෝධන පනත් කෙටුම්පත
මගින් ඉවත් වන බව අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 8 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත වශයෙන් බලාත්මක වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
රටට ඉදිරියේදී වෙන්න යන දේ මෙන්න..දුමින්ද නාගමුවගෙන් කරුණු රැසක් එළියට..හාල් මිල අධික ලෙස වැඩි වෙනවා
18:01
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර
00:44
Video thumbnail
තෙල් බවුසරයක් මහ පාරෙම පෙරළි සිදුවූ අනතුර..මිනිස්සු වටවෙලා තෙල් පුරවගෙන යන හැටි
01:08
Video thumbnail
"ගැලරිය පිනවන චූන් කතා කියන්න එපා"ජනපති ඇවිත් කිව්ව දේට පුබුදු හොඳම එකෙන් දෙසයි
12:41
Video thumbnail
අර්චුනා, දයාසිරි ඇතුළු පක්ෂ විපක්ෂ ප්‍රබලයින් රැසක්ම ජනපති සමඟ විශේෂ හමුවක්
01:17
Video thumbnail
අර්චුනා හදිස්සියේම නැගිටලා පාර්ලිමේන්තුව දෙකක් කරයි
00:38
Video thumbnail
ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න ගිය නාමල් රාජපක්ෂ
01:10
Video thumbnail
නාමල් රාජපක්ෂ උතුම් වූ ශ්‍රී පාද පද්මය වැදපුදා ගන්න යයි.. චානක ඇතුළු සෙට් එකක්ම ගිහින්
01:41
Video thumbnail
AI විපක්ෂ නායකට සමන්ත කිව්ව සැර කතාව..AIවලින් නායකයෙක් හදාගන්න එක ඉතුරුවෙලා තියෙන්නේ
01:45
Video thumbnail
විදුලි කැපීම ගැන චානකගෙන් ප්‍රබල හෙළිදරව්වක්..අනීතිකයි..සෙට් එකටම හීරේ යන්න වෙන දෙයක් මේ
04:08