ජාතික ගමනාගමන කොමිෂන් සභා සංශෝධන පනත් කෙටුම්පතට කථානායකවරයාගේ සහතිකය

ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත් කෙටුම්පත සඳහා කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා ඊයේ (19) දින පාර්ලිමේන්තුවේ දී සිය සහතිකය සටහන් කළා.

ප්‍රවාහන ක්ෂේත්‍රය තුළ හඳුනාගෙන ඇති ප්‍රායෝගික ගැටලු කිහිපයකට අදාළව විසඳුම් ලබා දීම සඳහාත්, දැනට නියාමනය නොවන ප්‍රවාහන ක්ෂේත්‍ර කිහිපයක් නියාමනය කිරීම සඳහාත් 1991 අංක 37 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා පනතේ විධිවිධාන කිහිපයක් වර්තමාන අවශ්‍යතාවලට ගැළපෙන පරිදි යාවත්කාලීන කරමින් සංශෝධනය කිරීම සඳහා මෙම පනත් කෙටුම්පත 2025.05.08 වැනි දින පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබුවා.

ඒ අනුව 2025.06.05 දින පාර්ලිමේන්තුවේ දෙවනවර කියවීමේ විවාදයෙන් අනතුරුව මෙම පනත් කෙටුම්පත සමත් වුණා.

මෙම පනත් කෙටුම්පත සම්බන්ධයෙන් අදහස් පළ කළ ප්‍රවාහන, මහාමාර්ග, වරාය සහ සිවිල් ගුවන් සේවා විෂයභාර අමාත්‍ය බිමල් රත්නායක මහතා, මෙම පනත සංශෝධනයට පෙර ජාතික ගමනාගමන කොමිසමට නියාමනය කිරීමට හැකිවුයේ අන්තර් පළාත් අතර සිදුකෙරෙන පෞද්ගලික බස්රථ ධාවනය පමණක් බව පැවසුවා.

කෙසේ වෙතත් පාසල් වෑන් රථ, කාර්යාල වෑන් රථ, ත්‍රීරෝද රථ සහ භාණ්ඩ ප්‍රවාහන ආයතන හා මාධ්‍යන් ඇතුළු අනෙකුත් වාහන ද ජාතික ගමනාගමන කොමිසමට නියාමනය කිරීමට හැකියාව ලැබෙන අයුරින් හා ඒ සඳහා අවශ්‍ය නව ආයතන ස්ථාපිත කිරීමට අවසර ලැබෙන පරිදි මෙම පනත සංශෝධනය වී ඇති බව ද අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

දිගු දුර ගමන් බස් රථ භාවිතා කරනු ලබන අවන්හල් නියාමනය කිරීමටත්, බස්රථවල ප්‍රමිතිය නියාමනය කිරීමටත්, මාර්ග බලපත්‍ර සහිත බස් රථයක් අලෙවි කිරීමේ දී එය මිල දී ගන්න පුද්ගලයාට එහි අයිතිය ලබාගැනීම සඳහා පැවති නීතිමය බාධාවත් සංශෝධන පනත් කෙටුම්පත
මගින් ඉවත් වන බව අමාත්‍යවරයා වැඩි දුරටත් අදහස් දක්වමින් ප්‍රකාශ කළා.

ඒ අනුව මෙම පනත් කෙටුම්පත 2025 අංක 8 දරන ජාතික ගමනාගමන කොමිෂන් සභා (සංශෝධන) පනත වශයෙන් බලාත්මක වනු ඇති.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
2
+1
0
+1
1
+1
1
+1
1
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ජනාධිපතිතුමා යාපනය ශ්‍රී නාග විහාරයට යයි
01:01
Video thumbnail
මොඩියුලර් ක්‍රමය නැවත ඉල්ලලා මාතර දැඩි උණුසුම් වෙයි..අපි කාටවත් කඩේ යනවා නෙවෙයි මේ
03:55
Video thumbnail
ආණ්ඩුව ගෙදර යවන්න සජබ කණ්ඩායමක් පාරට බහී
06:57
Video thumbnail
ලි#ගික අධ්‍යාපනයේ නොදැනුවත් කම නිසා අපාරාධ කීයක් නම් වෙනවද..කිසිම ප්‍රතිසංස්කරණයක් 100%ක් හරි නෑ
04:02
Video thumbnail
කවුද බොල වනචාරියා - අපිලාගේ සාදුට රතු කට්ට පනී
03:30
Video thumbnail
හාමුදුරුවනේ ඔයාට කරදරයක් නෑනේ - සීලරතන හිමි, මිහින්තලේ හිමි බැහැදකී
01:30
Video thumbnail
සජබ කෘත්‍යාධිකාරී මණ්ඩලය තරුණ වෙයි..බලන්නකෝ සෙට් එකගේ තියෙන සතුට
01:31
Video thumbnail
UNP ප්‍රබලයෙක් ආප්පත් අරගෙන මිහින්තලේ හිමි බැහැ දකින්න එයි..සිවුරු ඇරපු මන්ත්‍රීවරු ගැනත් හෙළිකරයි
08:26
Video thumbnail
සජිත් අගමැතිනිව සැරටම අමතයි - උද්දච්චකමින් ඉවත්වෙන්න
07:59
Video thumbnail
රාජකාරියෙන් ඉවත්වෙන්න - ජනපති සැරවෙයි
02:10


?