ජාතික ආරක්ෂාව ගැන ගැටළුවක් නැහැ; පාතාලය කැළඹිලා – ආරක්ෂක ලේකම්

ජාතික ආරක්ෂාවට සම්බන්ද්යෙන් මේ වනවිට කිසිඳු ගැටළුවක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළ අතර, ඔහු වැඩිදුරටත් පැවසුවේ පාතාලය කිසිම අවස්ථාවක ජාතික ආරක්ෂාවට ඍජුව සම්බන්ධයක් නොමැති බවයි.

එය මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පාලනය කරන බවත්, ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර සිටියා.

”ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නෑ. පාතාලය කියන්නේ ජාතික ආරක්ෂාවට කෙළින්ම සම්බන්ධ එකක් නෙමෙයි. ඒක මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පාලනය කරනවා. ජාතික ආරක්ෂාවට, මහජන ආරක්ෂාවට, පොලිසියට අවශ්‍ය කරන සහයෝගය සීමාවන් ඇතුළත අපි ලබා දෙනවා.ජාතික ආරක්ෂාවට අනතුරක් නෑ. දැනටමත් පාතාලය කැළඹිලා තියෙනවා. පාතාලය කැළඹෙන්න ඕන. මොකද පාතාලයට දේශපාලන රැකවරණයක් නැති වෙලා තියෙනවා. ඒ පාතාලයේ ක්‍රියාකාරකම්වල යෙදෙන පුද්ගලයන්ව අත්අඩංගුවට පත් වෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒකට අවශ්‍ය කරන හමුදාවේ සහාය නීතිමය රාමුව තුළ ඒ සීමාවන් තුළ අපි ලබාදෙනවා. පාතාලය නැති කිරීමේ වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක ඉදිරියට යනකොට ඕගොල්ලන්ට දකින්න ලැබෙනවා. පාතාලය ඇතුලේ කැළඹීම් සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා ඒක ගැන ඔවුන්ට බාධා ඇතිවෙලා තියෙනවා. ඒක නිසා වෙඩි පත්තුවීම් සිද්ධ වෙනවා.”

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
4
+1
1
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
1 Comment
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !




?