ජාතික ආරක්ෂාව ගැන ගැටළුවක් නැහැ; පාතාලය කැළඹිලා – ආරක්ෂක ලේකම්

ජාතික ආරක්ෂාවට සම්බන්ද්යෙන් මේ වනවිට කිසිඳු ගැටළුවක් නොමැති බව ආරක්ෂක ලේකම් විශ්‍රාමික එයාර් වයිස් මාර්ෂල් සම්පත් තුයියකොන්තා පවසනවා.

මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආරක්ෂක ලේකම්වරයා මේ බව සඳහන් කළ අතර, ඔහු වැඩිදුරටත් පැවසුවේ පාතාලය කිසිම අවස්ථාවක ජාතික ආරක්ෂාවට ඍජුව සම්බන්ධයක් නොමැති බවයි.

එය මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පාලනය කරන බවත්, ආරක්ෂක ලේකම්වරයා සඳහන් කර සිටියා.

”ජාතික ආරක්ෂාවට ප්‍රශ්නයක් නෑ. පාතාලය කියන්නේ ජාතික ආරක්ෂාවට කෙළින්ම සම්බන්ධ එකක් නෙමෙයි. ඒක මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් පාලනය කරනවා. ජාතික ආරක්ෂාවට, මහජන ආරක්ෂාවට, පොලිසියට අවශ්‍ය කරන සහයෝගය සීමාවන් ඇතුළත අපි ලබා දෙනවා.ජාතික ආරක්ෂාවට අනතුරක් නෑ. දැනටමත් පාතාලය කැළඹිලා තියෙනවා. පාතාලය කැළඹෙන්න ඕන. මොකද පාතාලයට දේශපාලන රැකවරණයක් නැති වෙලා තියෙනවා. ඒ පාතාලයේ ක්‍රියාකාරකම්වල යෙදෙන පුද්ගලයන්ව අත්අඩංගුවට පත් වෙනවා. මහජන ආරක්ෂක අමාත්‍යංශයෙන් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. ඒකට අවශ්‍ය කරන හමුදාවේ සහාය නීතිමය රාමුව තුළ ඒ සීමාවන් තුළ අපි ලබාදෙනවා. පාතාලය නැති කිරීමේ වැඩපිළිවෙලක් තමයි ක්‍රියාත්මක වෙන්නේ. ඒක ඉදිරියට යනකොට ඕගොල්ලන්ට දකින්න ලැබෙනවා. පාතාලය ඇතුලේ කැළඹීම් සිද්ධ වෙලා තියෙනවා. ඒක නිසා ඒක ගැන ඔවුන්ට බාධා ඇතිවෙලා තියෙනවා. ඒක නිසා වෙඩි පත්තුවීම් සිද්ධ වෙනවා.”



අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
ලබන වසරේ ඉදලා IMF එකෙන් මිදිලා අපිට ස්වාධීන ගමනක් හිමිවෙනවා - සුනිල් සෙනෙවි හෙළිකරයි
05:57
Video thumbnail
අපි රටක් හැටියට ඉන්නේ ඉතාම දුර්වල තැනක - රටේ සෘජු විදේශ ආයෝජන ඉතාම දුර්වල තැනක තියෙන්නේ
04:16
Video thumbnail
බිරිඳට ජීවිතාන්තයට හිරේ යන්න වීම නිසා සැමියා අධිකරණයේ යකා නටයි - වැරදි නෑ සර් මගේ Wife..එයා එහෙම නෑ
01:32
Video thumbnail
චතුරංග එදා මාධ්‍යයට ඇවිත් කඳුළු පෙරාගෙන ඇඩුවා - කබරගොයා තලගොයා කරගන්න න්‍යායක ඉන්නේ
06:40
Video thumbnail
විදුලි සේවකයින්ට විදුලි සැර වැ# අනතුරක්.. එක් අයෙක් එතනම එළොව යයි - මෙන්න එහි සංවේදී දර්ශන
02:20
Video thumbnail
බස් එකක් විවෘත කරන්න ජනාධිපති යන්න තරම් පහතට වැටිලා - ජනාධිපති දේශපාලනිකව අසරණවෙලා
04:21
Video thumbnail
දැඩි ආරක්ෂාවක් මැද උසාවියට ගෙන ආ ශිරාන් බාසික් - වටේටම STF එකෙන් දාලා
02:30
Video thumbnail
වස විස නැති පලතුරු කඩවලට රජයෙන් සහතිකයක් - කඩ සිතියම් ගතකරයි
03:23
Video thumbnail
යෝෂිතගේ ලක්ෂ 730ක ඉඩම් නඩුව කල්යයි - හිනාවකුත් දාගෙන ගැම්මට ආපු හැටි
01:16
Video thumbnail
නි.ආරක්ෂක ඇමතිට බංකු අරගෙන ඇවිත් අපෙන් ආ‍රක්ෂාව ගැන උපදෙස් ගන්නවෙලා
08:03