ජාත්‍යන්තර කාන්තා දිනය අදට (08) යෙදී තිබෙනවා.
සියලු කාන්තාවන් සඳහා, අයිතිවාසිකම්, යුක්තිය සහ ක්‍රියාමාර්ග යන තේමාවෙන් යටතේ මෙවර ජාත්‍යන්තර කාන්තා දිනය සමරනු ලබනවා.
මෙරට කාන්තා දින ජාතික සැමරුම් උත්සවය අද (08) පැවැත්වෙන්නේ අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.
පොහොසත් රටක අභිමන – ඇය වේ දැයක පෙරමග යන්න මෙරට ජාතික කාන්තා දින සැමරුම් උත්සවයේ තේමාවයි.
ලොව පළමු කාන්තා දිනය 1909 පෙබරවාරි 28 වන දින ඇමරිකාවේදී සමරා ඇති අතර, 1910දී ජර්මානු ක්‍රියාකාරිනියක වූ ක්ලාරා සෙට්කින් විසින් මෙය ජාත්‍යන්තර දිනයක් ලෙස යෝජනා කළ බවත් සඳහන්.
පසුව 1975 වසරේදී එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිල වශයෙන් මාර්තු 08වන දින ජාත්‍යන්තර කාන්තා දිනය ලෙස නම් කෙරුණා.













