ජාත්‍යන්තරයෙන් මෙරටට කීර්තිය ගෙන දුන් ලාංකික සූපවේදිනියන් තිදෙනා

26 වැනි “එක්ස්පෝ කලිනරි” (Expo Culinaire ) ජාත්‍යන්තර සූපවේදී තරගාවලියට ශ්‍රී ලංකාව නියෝජනය කරමින් සහභාගී වූ, සූපවේදිනියන් තිදෙනෙකු රන් පදක්කම් 04 ක්, රිදී පදක්කම් 03ක් සහ ලෝකඩ පදක්කම් 03ක් දිනා ගෙන අද (29) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියා.

මෙම තරගාවලිය එක්සත් එමීර් රාජ්‍යයේ, සාජා නුවර ලෝකයේ රටවල් 20ක තරගකරුවන් දහසකට අධික පිරිසකගේ සහභාගීත්වයෙන් ඉකුත් මැයි 21 සිට 23 දක්වා පැවැත්වුණා.

එහිදී කස්තුරි රාමේෂ්වරන් සූපවේදිනිය රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් 02 දිනා ගැනීමට සමත් වීම කැපී පෙනුණා.

යාපනය ප්‍රදේශයේ පදිංචි ඇය එම ප්‍රදේශයේ සූපවේදී පාඨමාලා හදාරන ආයතනයක් පවත්වා ගෙන යන්නියක්.

එමෙන්ම මීගමුව ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන එෆ්.නිලූෆා රන් පදක්කමක්, රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කමක් මෙම තරගාවලියේ දී දිනා ගැනීමට සමත් වුණු අතර ඇය ද මීගමුව ප්‍රදේශයේ සූපවේදී පාඨමාලා හදාරන ආයතනයක් පවත්වා ගෙන යනවා.

එම්.ආර්.එෆ්.ෆස්ලියා මෙම තරගාවලියේ දී රන් පදක්කම් 02 ක් සහ රිදී පදක්කම් 01 ක් දිනා ගැනීමට සමත් වී සිටියා.

ඇය කොළඹ ප්‍රදේශයේ පදිංචිකාරිනියක වන අතර, ඇය හට ද සූපවේදී පාඨමාලා ආයතනයක් සතු වනවා.

මොවුන් තිදෙනාම පළමු වරට මෙවැනි ජාත්‍යන්තර තරගාවලියකට ඉදිරිපත් ව, එහිදී මෙවන් ජයග්‍රහණයන් ලබා ගැනීම විශේෂත්වයක්.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
1
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !


අපගේ නවතම වීඩියෝ පුවත්
Video thumbnail
JVP එක ගැන නීතිඥ වරයෙකුගෙන් ඇඟ හිරිවැටෙන කතාවක්..ඩිල්කා සමන්මලීගේ ජීවිතේ අනතුරේ
06:52
Video thumbnail
කොහොමද ඒකේ ලස්සන - හැටන් ඩිපෝවෙන් සුපිරි වැඩක්
03:15
Video thumbnail
කක්කුස්සියට යන්න වෙන්නෙත් දැන් sms එක බලලා..මේවා යුද්දේ නිසා නෙවෙයි සුද්දේ නිසා වුණ දේ
03:21
Video thumbnail
පාස්කු ප්‍රහාරය නිසයි සජිත්ට ජනාධිපති වෙන්න බැරිවුණේ
08:53
Video thumbnail
නලින් කිව්ව "AI සජිත්" ගැන ගම්මන්පිල කිව්ව කතාව..පිත්ත ඔසවා පන්දුව නිදැල්ලේ යන්න ඉඩ දෙනවා
03:15
Video thumbnail
අද දහවල් පස්සරට මහා වර්ෂාවක් ඇඳ හැලුණු හැටි මෙන්න
01:22
Video thumbnail
ආණ්ඩුවට මේ පාදඩයා එක්ක තියෙන සම්බන්ධය මොකක්ද ? අගමැතිතුමිය ලැජ්ජා වෙන්න ඕනි
06:22
Video thumbnail
ශානි අබේසේකර ගෙදර යන්න
07:15
Video thumbnail
ගම්මන්පිලට යකා ආරූඪ වෙයි"මේක මගේ පොත නෙවෙයි..ව්‍යාජ එකක්"..රහස් පොලිසිය බුද්ධිමය දේපළ හොරකම් කරලා
06:03
Video thumbnail
ඩිල්කා, සුදාගෙන් මිලියන 100ක් ඉල්ලයි - Australia පොලිසියටත් පැමිණිලි
05:03