AFC Banner
AFC Banner
Empty Ad

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට සහනයක්

ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ මාසික රුපියල් 100,000ට අඩු ස්ථාවර තැන්පතු පොලී ඉපැයීම් සඳහා පැවති 5%ක රඳවාගැනීමේ බද්ද 2023 ජනවාරි 1 සිට ක්‍රියාත්මකවන පරිදි ඉවත් කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසනවා.

අමාත්‍යවරයා පෙන්වා දෙන්නේ මෙම රඳවා ගැනීම හේතුවෙන් ඔවුන් පත්වන අපහසුතා පිළිබඳ කරුණු අනාවරණය වීමෙන් පසු මෙම තීරණය ගත් බවයි.

“බැංකු තැන්පතු මත ලැබෙන මාසික පොලී ආදායම රුපියල් ලක්ෂයට වඩා වැඩි නම් බදු සීමාවට යටත් වෙනවා. නමුත් රඳවා ගැනීමේ බදු 5% අනුපාතයත් සමග රුපියල් ලක්ෂයට වඩා අඩු මාසික පොලී ආදායමක් ලැබෙන පුද්ගලයන්ට ආදායම් රඳවා ගැනීමක් සිදු වීමෙන් ඔවුන්ට සිදුවන අපහසුතා පිළිබඳ තොරතුරු වාර්තා වුණා. ඒ නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දෙන සහනයක් හැටියට මාසික බැංකු පොලී ආදායම රුපියල් ලක්ෂයට වඩා අඩු ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ පොලී ආදායමෙන් රඳවා ගැනීමේ බද්දක් තබා නොගැනීමට අපි තීරණය කළා” යැයි අමාත්‍යවරයා ප්‍රකාශ කළා.

ඔබේ ප්‍රතිචාරය කුමක්ද ?
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
0
+1
2
Subscribe
Notify of
0 Comments
Oldest
Newest Most Voted
Inline Feedbacks
සියලු ප්‍රතිචාර බලන්න !

?